"හරී"

"ඔයාලා කාල යන්න එහෙනම් .මොකෝ මේ වැඩකාරයා වෙලා" මං හිනා වෙලා  බෑග් එක අරගත්තා.අම්මා මිහිදුම්ගේ කොන්ඩෙ අවුස්සලා හිනා වුනා.

 "අ..අම්මා..අපි ගිහින් කන්නද. ටිකක් රෑ වෙනකල් පාඩම් කරන්න ඉන්න හින්දා දැන් කෑවොත් බඩගිනි එයි" ඒක අමූලික මුසාවක්. මට දැනුත් යකෙක් කන්න බැඩගිනි.

"එහෙනම් තේ එකක් බීල යන්න.කොකිස් තියෙනවා මෙහෙ. දෙන්න පාඩම්ම කරයි ගිහින්.මේ මනුස්සයගෙ ඇස් වල නිදිමත බේරෙනවා.දැන් මම කීල්ස් එකට ගිහින් බඩු වගයක් ගන්න තියෙනවා  ඒ ටික අරගෙන අප්පච්චිට කෝල් එකක් දෙනව එන්න කියලා.ඒත් එක්ක එන්න එහෙනම්. පුංචි ඉන්නවා ගෙදර "

"හා. හා..පරිස්සමෙන් යන්නෝනෙ එපාරෙ දකුනින්" අම්මා මගෙත් කට මිරිකලා බෑග් එකකුත් අරගෙන චූටි කොන්ඩෙ වන වනා ගියා. මං මිහිදුම්ට ඇහැක් ගහලා දුවගෙනම ගෙදරට ආවා.

තේ හදනකල් මිහිදුම් හෙට ක්ලාස් එකට යන්න පොතුයි, අද රෑ කරන්න මොනවදෝ නෝට්ස් ටිකකුයි, තව හෙට අදින්න ඇඳමුයි ගත්තා.

"රෑට අදින්නෙ නැද්ද ඒයි"

"ඕන් නෑ"

"හා.. යන් තේ බොන්න. මං ගිහින්ම නානවා අප්පා.මගේ යටිකය තැම්බිලා තැම්බිලා මට කියන්නෙම ආයෙ හෙට වෙනකල් මොකූත් අදින්න එපා කියලා."

මිහිදුමා ඇහෙන්නේ නෑ වගේ  එයා පොත් දාපු බෑග් එක අරගෙන පහළට ගියාම මාත් ඇඳුම් බෑග් එක අරගෙන ගියා. පුංචිගෙ පොඩි ඇටයා පුංචිගෙ කරේම නිදි කියලා එයාව උස්සගෙන පුංචි උඩට ආවා. අපි එයා හදලා තිබුන තේ බීලා සෙටියට වෙලා හාන්සි වෙලා හිටියා අම්මා කෝල් කරනකල්. මිහිදුම් අප්පච්චි එක්ක මොනවදෝ කියෙව්ව මම නම් පාඩුවේ පීනන මාලු ටැංකිය දිහා අද මාලුවෝ දැක්ක එකා වගේ බලාගෙන හිටියා. හැබැයි ඔය මාලු දිහා බලාගෙන හිටියම මනස සැහැල්ලු වෙනවලු. අප්පච්චි තමා ටැංකියේ සම්පූර්ණ වගකීම බාරගෙන කටයුතු කරන්නේ.

 අම්මා කෝල් එකක් දුන්නම අප්පච්චි එක්ක මිහිදුම් ගෙ ගෙදර ආවා. මට නිකන් අලුත හදපු ගෙදරට ආව අලුත බැඳපු ජෝඩුව වගේ.ඒත් මගෙ බඩ නම් බඩගින්නක් නැතුව කෑගහනවා, නිකන් පොඩි යුද්ධයක් වගේ. මිහිදුම් මුලු ගේම ඇවිදලා කාමරේට ආවා. 

EVENING PRIMROSE | COMPLETEKde žijí příběhy. Začni objevovat