විසිදෙවෙනි වර්ෂාව

Começar do início
                                    

*පිස්සුනෙ මටත්.. උඩ දාගෙන ගියා කොහේද යන මේඝයෙක්ව හොයාගෙන... *

මං ඉස්සෙල්ලම මගේ ලගට දුවගෙන ආව ඔකූව බදාගන්න ගමන් හිතුවේ යේස් සේෂ් නාගයාව එයාගේ තුරුල්ලට ගන්නකොට.. අප්පච්චිගේ ආදරේ තමයි මේ ලෝකේ හොදම ආදරේ... නිතරම පෙන්නුවෙ නැති උනාට අම්මටත් වඩා එයාලා අපිට ආදරෙයිද මන්ද... ඔකූගේ නවතින්නේ නැති හාදු වැස්සකින් නෑවිලා ගිය මාව ඊලගට ඇදිලා ගියේ සීයා අප්පච්චි ලගට... ඊගාවට ලොකූ සීයා අප්පච්චී, සුදු ආච්චී ලගට... ඇස් තෙමුණා ඇත්තමයි.. අම්මා අප්පච්චි මගේ තවත් එක ආත්මෙක... මටම පණ ඇරලා ආදරේ කල... මාත් ඒ තරම්ම ආදරේ උන... අහස්නගේ, මේ අම්මා අප්පච්චිගේ මතක මගේ ඔලුව ඇතුලේ පෙරලි කරනකොට මං ඒ දෙන්නව හුස්ම හිරවෙන තරම් තදින් බදාගත්තා.. අම්මලා තාත්තල කොච්චර හිටියත් අඩුවක් මිසක් වැඩියක් නෑ. මං ඒ අතින් ලෝකෙ ඉන්න වාසනාවන්තම කොල්ලා වෙන්නැති.. අම්මලා දෙන්නයි අප්පච්චිලා තුන් දෙනයි.. ඇත්තටම මේ ආදරේ මැද්දේ මගේ මේඝටත් හිතේ ඉඩක් වෙන් වුනා පුදුමයි..

"හා හා ඇති දැම් බදාගත්තා ඔය ලමයින්ට මහන්සි ඇති යෙවිස්... "

අම්මා කෑ ගැහුවේ මගෙයි සේෂ් නාගයාගෙයි අත් දෙකෙන් ඇදලා.. එයා හිතන්නැති අනේ මගේ පැටව් දෙන්නා පැය ගාණක් ෆලයිට් එකේ, පැය ගාණක් කැබ් එකේ... එයාලා පවූඌඌඌඌඌඌඌඌඋ කියල..

පිස්සුද...??

ඉරිසියාවෙ පුපුරනවා මේක..  මූණ බලන්න ලස්සනයි පවුලෙම අය මාවයි යූ බබාවයි වට කරන් ඉන්නකොට... එයාට කොච්චර වයස ගියත්, එයා හැමවෙලේම මටයි අයියටයි වඩා හුරතලෙන් ඉස්සරහින්... අම්මා සුදුම සුදු මූණත් තහඩුව පුම්බන් ඇවිල්ලා මාවයි අයියවයි,
අප්පච්චිලාගෙයි සීයා ආච්චිලගෙයි තුරුල්ලෙන් ඇදලාගත්තේ ගේ දිහාට තල්ලු කරන ගමන්... පිස්සු කෝලම අපේ ...

අපේ ගෙදර තියෙන්නෙ ඉතිම් එක නීතියයි..

**පවුලේ හැමෝම වැඩියම ආදරේ වෙන්නෝනෙ මේ සුකුටු බුකුටු කොල්ලාට.. **

එයාට වඩා වෙන කෙනෙක් හුරතල් කරන්න නම් හොදටම තහනම්.. එයා අපිව හුරතල් කරන තරම ඇතිලු.. මං නම් නෙවෙයි එයාම තමයි කියන්නෙ..

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසOnde histórias criam vida. Descubra agora