හත්වෙනි වර්ෂාව

296 46 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

__________________________________________

         


     "සුදූ දුවන්නෑ... ගහනවා ඇත්තමයි..."

                "ඉතිම් ඔයානේ ලොකූ මගේ පස්සෙන් එලවන්නේ... "

                 " අරහේ මෙහේ දුවන්නෙ නැතුව එක තැන ඉන්නවනම් මට පස්සෙන් එලවන්න දෙයක් නෑනෙ.. නවතිනවා කිව්වම අහල.. "

----------------------------------------------------------------------

            "සුදූ ඔතනින් පනින්නෙපා වස්තු.. කියන දේ අහන්නකෝ...  "

           "අනේ කඩුල්ල එච්චර උස නෑනෙ යෙවිස්... "

            "ඒ උනත් එපා මැණික.. ඔයාගේ කකුලවත් පැටළුනොත්.. අපේ පැටියා පව්නේ..."

----------------------------------------------------------------------

                "යුවී මැණික ඔය ගස් නගින්න එපා දරුවෝ දැන්..."

                  " පේර ගහටනේ නැග්ගේ .. 🥺 ඒක කොටයිනේ.. "

                  " කොට උනත් ඒකත් ගහක්.. පේර ඕනෙනම් ඔයාට කඩලා දෙන්න මේ ගෙදර ඕනෙ තරම් කට්ටිය ඉන්නවනේ පුතේ.. යන්න ගෙට දැන්.. "

----------------------------------------------------------------------

                " මැණික එන්න මේ කැද එක බොන්න පුලුවන්ද බලන්න.."

                " ම්ම්ම්... හරි..

🤢🤢

🤮🤮🤮🤮🤮"

" සුදු අම්ම්මේඒඒහ්හ්හ්හ්...  "
   
----------------------------------------------------------------------

                "සුදු මැණික කෝ ඉතිම් දැන් අඩන්න එපා.. අයියලව කේන්ති කරන්නෙ ඔයාමනේ... "

                  " ඒ උනාට අප්පච්චි ඉතින් මං පන්සලටනේ ගියේ.. ඕකට බනින්න ඕනැයි..
උ හෑඈඈඈඈඈඈඈ "

                    "හරි හරි ඉතින්.. අනිත් දවසේ මාත් එක්ක යමු.. එතකොට තනියක් නෑනේ... "

----------------------------------------------------------------------

                " යුවී වරෙන් මෙහාට.. තෝ අද නම් අහගන්නවා ලොකූගෙන්.."

                 "අනේ වැවේ වතුර සනීඊඊඊඊඊඊඊඊපයි .. "

                  "වර ගොඩට එක පාරක් කිව්වම.."

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now