07

1.3K 269 16
                                    

වෙලාවකට මට හිතෙනව ඕනි දෙයක් වෙද්දෙන් කියල යුවේන්ට මගේ හැඟීම් කියන්න....

ඒත් මම බයයි....ඒකෙන් යාලුකමත් නැති වෙයිද කියල....යුවේන් මාව පිලිකුල් කරොත් ප්‍රතික්ශේප කරොත් මට ඒක දරාගන්න බැරිවෙයි කොහෙත්ම....

"අඩේ වතීෂයා යුවේනයා....මේ අහපන්කො හොට් නිව්ස් එක...."

එක පාරට කඩා පාත් උන කසුනා බෙරිහන් දෙද්දි අපි දෙන්න විතරක් නෙවෙයි පන්තියෙ ඉඳපු කොල්ලො ඔක්කොම වගේ කසුනා දිහා බැලුවා....

"මොකද බන් බලියන්නෙ...."

"බලියනව නෙවේ මේක අහපිය...අර සී එකේ ගිම්හානයයි  අකලංකයයි මූණවත් බලන්නෑලු දැන්....ගිම්හානයා අකලංකයා දැක්ක තැන බනිනවලු....උන් දෙන්න නිකන් ආත්මගත වෛරක්කාරයො වගේ හැසිරෙනවලු ආන්....උන්ගෙ ගෙවල් වල මිනිස්සුත් රණ්ඩු වෙලාලු...."

"ඒ මොන මගුලක්ද....ඇයි බන් උන් දෙන්න හොඳම යාලුවො නේද....කිරියි පැනියි වගේනෙ හිටියෙ ප්‍රයිමරි කාලෙ ඉදන්...."

මට මතකයි ගිම්හාන අකලංක දෙන්න පුංචි කාලෙ ඉදන් යාලුවො...උන් දෙන්න කොහෙ ගියත් ගියෙ කෑවෙ බීවෙ හැමදේම කරේ එකට....මොකක් වෙලාද උන් දෙන්නට....

"ඒක තමා බන්....මට ආරංචි උන විදිහට ගිම්හානයයි අකලංකයයි අතරෙ මොකක් හරි අපි නොදන්න යමක් වෙලා...බී එකේ එකෙක් කීවේ අකලංකයා ගිම්හානයාට ආදරේ කරන්න ගිහින් ඕක උනේ කියල....මොන මගුලෙ කතාවක්ද බන් ඒ....කොල්ලො කොල්ලො මොන ලව්ද...අකලංකයාට ගිම්හානයා කෙල්ලෙක් වගේ පෙනුනද දන්නෑ....තරහ නෙවේ මම එහෙමනම් මැරෙන්න ගහනව ඔහොම එකක් කීවොත්...."

කසුන් කියවගෙන කියවගෙන යනවා....ඌ දන්නෑ ඌ කීව කතාව මට කොච්චර වැදුනද කියල....යුවේන් පාඩුවේ කසුන් කියපු දේවල් අහගෙන හිටියා මිසක් වචනයක් කතා කරෙත් නෑ.....

ඒත් මම දන්නවා මමත් මගේ හැඟීම් කියන්න ගියොත් වෙන්නෙ අකලංකට උන එකේ අනිත් එක....මට බෑ මගේ හැඟීම් හින්ද යාලුකමත් නැති කරන් මගේ ආදරේ මාව වෛරක්කාරයෙක් වගේ දකිනව බලන්න....

දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
හැමදාම විඳවන්න
මා මෙහි තියා...
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්තනාවන්...
මිතුදම් හොඳයි
අහිමි වෙනවාට වඩා...




𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

මිතුදමෙන් එහාWhere stories live. Discover now