"යැයි යැයි යැයි තමා. ඉක්මනට හෝදගෙන එන්න කන්න."

මම එයාට නාගන්න දීල පල්ලෙහට ආවා.මම ගැම්මෙන් ඉන්න ඕනෙ මොක නැතත්. නංගි එක්ක කාලා බීලා එයාගේ කෑම පෙට්ටි නිකන් හෝදලා දාල ආයෙ ආවෙ එයා එක්ක හෝම් ව'ක් කරන්න. ඒක කරාම කාටුන් බලන්න පුලුවන්.කාටුන් බලන්නේ බාහයයි ඉතුරු ටිකේ නිදි.කෑ කෝ ගෙදර අච්චර සද්දයක් තියාගෙන නංගි කියන කෙනා මගෙ ඔඩොක්කුවේ නිදි. මම එයාව උස්සන් ගිහින් එයාගෙ ඇදේ තියලා පොතක් කියවනකොට අනිත් එකා ආවා.ඒකගෙ නාවන්නේ මොනවද.. ගිහින් දොර ඇරියම උදේ අරන් ගියපු බැට් එක මට දික් කරා.

"බැන්ඩේජ් කරගන්න ඕනෙ අප්පා කකුල. " සපත්තු ගලවලා දාලා මල්ලි කිව්වා.

"අම්මගෙ කාමරේ ඇති.ඇඟම ඔතාගන්න දැන් ඔය අතත් ඔතාගෙන ඉන්න එකේ "

"අනේ මේ..මේ ඩැමේජ් වෙන්නේ ගුටි කෙලගෙන නෙවේ නේ" මගේ අතේ තිබ්බ බැට් එකත් උස්සන් මට වෙට්ටු දාගෙන ඒ මහත්තයා උඩට ගියා. මම දොරත් වහගෙන යන්න යනකොටම ආවෙ දොරේ ලොක් එක කැරකුණා.

"කලින්.." මේ රූපෙ දැක්කම මට රටක් රාජ්‍යක් හම්බුනා වගේ. හිදුවා කලින් ඇවිත්.

"ඔව්. අද ප්‍රැක්ටිස් ඉන්න බෑ හිතුන අප්පා...හෝ හෝ..සිසී යි නංගි එනවා" මම දොර වහන්න යනකොට හිදුවා කිව්වා. 

අඩෙ ! මරු නේ..

"හායි " 

ඔක්කොම ගේ ඇතුළට ආවම මම දොර වහල දැම්මා.ඩේ කෙයා එකක් වගේ. මම මල්ලිගෙ කාමරේට ගියාම ගලවපු ඇඳුම් හැමතැනම දාලා එකා ආව ගමන් නානවා. කන්න බෑ කිව්ව නිසා මම තේ බොන්න එන්න කියාගෙන එයාගෙ කෑම පෙට්ටියයි වතුර එකයි අරගෙන එළියට ආවා.සිසී එයාගෙයි නංගිගෙයි කෑම පෙට්ටි දෙකත් ගෙනත් නිකන් යන එකේ මේ දෙකත් අරගෙන යන්න කියල මට දුන්නා.මම බාගෙට සේරම  හෝදලා අම්මට මැසේජ් එකක් දැම්මා චෙනෙත් ඩේ කෙයා එකේ ඔක්කොම ආවා කියලා.

"තේ බොමු" පළවෙනියටම ආවෙ මල්ලි.

"... අයියෙ අහනවකො.. අපෙ පන්තියේ කෙල්ලෙක්ට අයිය කෙනෙක් ෆෝන් නම්බ එකක් දීලා.අද උදේ අපිට පීරියඩ් එකක්ම දේශනාවක් දුන්නා ඔහොම වැඩ කරන්න එපා කියලා. ඔයා ලා ගැන කිව්වා. කොහොම ඉන්න ඕනෙ කොල්ලොද ඔය අගේට ඉන්නේ කෙල්ලෝ පස්සේ යන්නේ නැතුව. ජීවිතේට ඇනුම් පදයක් අහගෙන තියේද කියල එහෙම."

EVENING PRIMROSE | COMPLETEWhere stories live. Discover now