මතක 33

274 33 0
                                    

“’ නීල් දේශ්ව වාරු කරගෙන තට්ටු තුනක බිල්ඩින් එකෙන් පල්ලට බැහල වාහන දාලා තියෙන තැනින් බයික් එකක් එළියට දාගත්ත...

“ අයියෙ.... ඔයා බයික් එක ගන්නවද ? නැත්තං මං ගන්නද ?

“ නීල් දේශ් දිහා බලමින් ඇහුවෙ දේශ්ගෙ අදහස දැනගන්න....”

“ උඹ ගනිං මල්ලි.... උඹනෙ තැනට යන්න පාර දන්නෙ ..... පුළුවන් කෙටිම පාරෙන් යමන් මල්ලි....

“” ආආ.... මෙන්න අයියෙ තියාගන්න....නීල් දේශ්ට දුන්නෙ පිස්ටල් එකක් එක්ක කිණිස්සකි.....

පුළුවන් තරමක් එවුන්ව කිණිස්සෙන්ම ඉවර කරමු අයියෙ. පිස්ටල්  එක බැරිම වෙලාවකදි ඇරෙන්න පාවිච්චියට ගන්න එපා...එතන ඉන්න උන් කලබල උනොත් අපේ ප්ලෑන් ඔක්කොම විනාස වෙයි...
දැන් යමු...

“” නීල් දේශ්ව දාගෙන පවනට බඳු වේගයෙන් දේවාලෙ දෙසට ගියේ නීල් දන්න කෙටි පාරවල් සියල්ල පාවිච්චි කරමින්...

නීල් ගෙවල්වල මිදුල් උඩින් පවා බයික් එක දැම්මෙ මිනිස්සු උස හඬින් බැන වදිද්දියි .....

“ වැඩි වෙලාවක් යන්න කලින් නීල් බයික් එක කාටවත් වැඩියෙ නොපෙන තැනක නැවත්තුව. නීල් වටපිට බල බල දෙයක් හොයනව කියල තේරුන දේශ් නීල්ගෙ මූණ දිහා බලල ඇයි කියල ඇහුවෙ. ශාන්ගෙ කවුරුහරි නීල් දැක්කද කියල සැක හිතුනු නිසා....

“”  අයියෙ ඉන්නකො ටිකක්...

“” නීල් දේශ්ව කඩයක් අස්සට දාලා කෙල්ලො ටිකක් පාට ගහමින් සෙල්ලම් කරන තැනකට ගියේ පාට කුඩු ටිකකුත් අත් දෙකට අරං ......ටිකකින් නීල් පාට ගහමින් කෙල්ලො එක්ක සෙල්ලම් කරන්න ගත්තෙ උන් ඔක්කොම එකතුවෙලා නීල්ට
පාට ගහන්න ගත්ත නිසා....
එතන හිටපු කෙල්ලො දෙන්නෙක්ගෙ ෂෝල් අල්ලගත්ත දේශ් ඒ දෙක ඇදගෙන සෙනඟ අස්සට දුවල අතුරුදහන් උනේ අර කෙල්ලො නීල්ට බැන බැන පස්සෙන් පන්නපු නිසයි....

“” ආ...අයියෙ මේක මූණ වැහෙන්න බැඳ ගනිං ,, නැත්තං අරුන් අපිව අඳුර ගත්තොත් විනාසයි.....
දේශ්ගෙ ඇස් විතරක් පේන්න නීල් දේශ්ගෙ මූණෙ රතුපාට ෂෝල් එකක් ඔතල ඔහුගෙ මූණත් වැහෙන්න තවත් රතු පාටම ෂෝල් එකක් ඔතා ගත්ත...සෙනඟ අතරට ගිය ගමන් දේශ්ටයි නීල්ටයි ඇතිවෙන්න පාට කුඩු , වතුර වැදුනෙ ඔවුන්ගෙ වැඩේ තවත් පහසු කරමින්....

මතකWhere stories live. Discover now