මතක 8

493 69 0
                                    

“”” දේශ්ව පවන්ට බාරදීල....රතු තැඹිලි පාටින් අහස වර්ණවත් වෙද්දි ශාක්‍ය තව නිවසට එන්න පිටත් උනේ දේව් මොන පිස්සුවක් නටලද දන්නෑ කියල කල්පනා කරනගමනුයි.පෝන් එක ඔන් කරපු ගමන් මිස් කෝල් අලට් සීයක් විතර ආව නිසා ශාක්‍ය බැලුවෙ කවුද කෝල් අරං තියෙන්නෙ කියල.දේව්ගෙන් කෝල් පනහක් විතර ,තියෙද්දි නංගියි, අම්මයි තාත්තයිත් කෝල් අරං තිබ්බ නිසා...ශාක්‍ය නංගිට කෝල් බැක් කරේ...හරියට විස්තරයක් අහගන්න පුළුවන් නංගිගෙන් විතරයි කියල තේරුන නිසා...

“”” හෙලෝ...නංගි....

“” මොන  ලෝකෙද අයියෙ ඔයා ඉන්නෙ...අපි කොච්චර බය වෙලාද හිටියෙ ,,,,

ඔක්කොටොම කලින් කියනව පොඩි අයිය ඒක්ක දාගත්ත වලිය මොකක්ද කියල ....පාන්දර ගෙදර ඇවිත් යකා නටල තමුසෙගෙ කාමරේම කුඩු කරා අද ....

“”’ හ්ම්ම්ම්....එහෙම ද ???””’

“” එහෙම ද කියල අහන්නෙ ,,,දේව් අයිය ඔයා ගෙදර එනකල් බලාගෙන ඉන්නෙ ආයි රණ්ඩු වෙන්න...
ඉන්න දිහාකම ඉඳල හෙට දිහාටම එනව ලොකූ....නිකං රණ්ඩු වෙන්න එපා....

“” මං කොහොමත් ගෙවල් කිට්ටුව ඉන්නෙ දැන් . ඌ මගෙ මල්ලි මිසක් තාත්ත නෙවෙයි නෙ...මං ඇවිත් ඌ ගැන බලාගන්නං....

ශාක්‍යගෙ කාර් එකේ සද්දෙ ඇහෙනවත් එක්කම දේව් ඉක්මනින් එළියට ආවෙ දේශ් ආපහු ඇවිත් ඇති කියන බලාපොරොත්තුවෙන් උනත් ඒ බලාපොරොත්තුව ඉර දැක්ක පිනි වගේ අතුරුදහන් වෙලා ගියේ කාර් එකෙන් බැස්සෙ ශාක්‍ය විතරක් නිසයි...

ඒක දැක්ක විතරයි අලුයට තිබ්බ ගිනි පුපුරු වගේ දේව්ගෙ නිමිල තිබ්බ් කේන්තිය ආයෙමත් ඇවිලෙන්න මහ වෙලාවක් ගියෙ නෑ.

“” කෝ....දේශ් ....තමුන් ඌව කොහේටද අරං ගියේ...???”””

“”” අරං ගියේද....අරං ගියේ ඌට ආරක්ෂාව තියෙන තැනකට....ඒ වගේම ඌට ආරක්ෂාව ගැන කියල දෙන්න පුලුවන් එකෙක් ගාවට....””’’

“”” උඹ කියන්නෙ මං ඌව ආරක්ෂා කරේ නෑ කියලද අයියෙ....???

“ ඔය කියන එක කරානං දේශ් අද හොටෙල් එකේ ඉන්න ඕනෙ මං හිතන්නෙ...!!!

“ අයියෙ මං උඹෙන් අන්තිම පාරට අහන්නෙ .....දේශ් කොහෙද ඉන්නෙ ....????

මතකWhere stories live. Discover now