“” දේව් අන්තිමට බයික් එක නතර කරේ මහා ගණපති දේවාලෙ කියල ගහල තිබ්බ තැනක....පාර පුරාමත් දේවාල බිමේ හැම තැනම කෙල්ලො කොල්ලො ලොකු පොඩි කියල වෙනස්ක් නැතුව පාට  ගහගන්නව..
කන් අඩි පැලෙන්න දාලා තිබ්බ බජනුයි සින්දුයි නිසා එකෙක් කනගාව ඉඳල කෑගැහුවත් ඇහෙන්නෙ නෑ.....
එකපාරටම දේව්ගෙ පිට පිට පැත්තට වැදුනු දෙයක් නිසා ඔහු ඒ පැත්ත හැරුනෙ හොඳ කුණුහරුප දෙකක් කියන්න උනත් දේව්ට වතුර ගහපු උන් දේව්ව පාට කුඩු වලින් නෑව්වෙ ඒ ඉන්නෙ ඔහුද කියලත් හොයාගන්න බැරි විදිහට....

දේව්....පාට කුඩ ගහමින් සෙල්ලම් කරන විදියට දේශ් ගැන හෝඩුවාවක් හොයන්න පටන් ගත්ත....
දේව් කොච්චර හෙව්වත් දේශ් ගැන තියා ශාන් ගැනවත් කිසිම හෝඩුවාවක් ඔහුට හොයාගන්න බැරි උනා....

“ ඒත් එකපාරටම ඔහුට දේශ් ඔහුගෙ ආසන්නයේම ඉන්නව වගේ දැනෙන්න ගත්ත නිසා දේව් වටේම බලමින් ඔහුව හෙව්වත් දේව්ට ඔහුව හොයාගන්න බැරිඋනා....
ඒත් එක්කම ඔහුට පෙනුනෙ තමන් ඉන්න කෙලින්ම ඔහු දිහාට ඇවිදන් එන අමුතු ජාතියේ ඩයල් එකක්. දේව්ට ඌව ඇල්ලුවෙ නැති හින්ද ඉනේ තිබ්බ පිස්ටල් එකට අත තිබ්බත්...පිටිපස්සෙන් ආපු රතු රෙද්දකින් මූණ වහගත්තු  කොල්ලෙක් විශාල පාට කුඩු තොගයක් දෙව් සහ ඉස්සරහින් ආපු මනුස්සය වැහෙන විදිහට වීසි කරපු නිසා දේව්ට ටික වෙලාවකට කිසි දෙයක් පේන්නෙ නැතුව ගියා ....

ඇස් ඇරල බලද්දි පිටිපස්සෙන් ආපු එකයි ඉස්සරහින් ආපු එකයි දෙන්නම අතුරුදහන් වෙලා....

“ දේව්ට ඒ වෙලාවෙ තදින්ම දේශ් ඔහු ගාවම ඉන්නව කියල දැනුන....
මේ නිසා දේව් ඉක්මනින් ඉස්සරහට ගියේ දැන් දැකපු දෙන්නගෙන් එකෙක් හරි අල්ලගන්න හිතාගෙන....
දේව්ට ලොකු සැකයක් ඇති උනා ඒ ආවෙ ශාන්ගෙ එවුන් වෙන්න ඕනෙ කියල...

-----------------------------------------------

“ අයියෙ අයියෙ...!!!  ඉක්මනින් ඇස් ඇරපන් බං..... අපිට වැඩිවෙලාවක් නෑ....ඉක්මනින් ඇස් ඇරපන් අයියෙ !!”

“ නීල් දඩිබිඩියෙ දුවගෙන ඇවිල්ල දේශ්ව හෙල්ලුවෙ දේශ්ගෙ අත්වලට දාලා තියෙන විලංගු ගළවමින්...

නින්ද ගිහිල්ලා හිටපු දේශ්ට මුලින්ම  මේ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි උනත් ටික වෙලාවක් යද්දි නීල් ඔහුව බේරගන්න හදන්නෙ කියන දේ දේශ්ට තේරුනා. නීල් දේශ්ගෙ අතක් ඔහුගෙ කරට දාගෙන දේශ්ව කාමරෙන් එළියට අරං ඇවිත් පුදුවක වාඩි කරා.....

“ අයියෙ... දැන් මං කියන එක හොඳට අහගනිං.... මං දන්නෑ අයිය මීට කලින් මනුස්සයෙක්ව මරල තියෙනවද කියල ?

මරල නැත්තං අද අයියට මරනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ.....

“” ශාන් දේවාලෙට ගිහිල්ලා අර සිම් එක ඇක්ටිව් කරල.... ඌ අනුමාන කරා දේව්ල ඒ සිම් එක තියෙන තැන හොයන්න කවුරු හරි දායි කියල....
ඌ හිතපු එක හරි ගියා. සිම් එක ඇක්ටිව් උන ගමන් දේව් ඔයාව හොයාගෙන දේවාලෙ තියෙන දිහාට එනව කියල උන්ගෙ ඔත්තුකාරයො ශාන්ට මීට පැය භාගෙකට වගේ කලින් මැසේජ් එක දුන්න.
මෙතන ඔක්කොම ඉන්නෙ 16 දෙනයි අයියෙ... මාත් එක්ක තුන් දෙනෙක් මෙහෙ තියල ඉතුරු උන්ව ශාන් දේවාලෙට අරං ගියා .....
උඹ උන්ට ඕනෙ දේ අද වෙනකල්ම කිව්වෙ නැති නිසා උන් හදන්නෙ දේව් අයියව මරන්න අයියෙ....
දැන් අපි ඉක්මන් කරන්න ඕනෙ !!!

දේව් අයියව බේරගන්න දැන්ම අපි පිටත් වෙන්න ඕනෙ...අයියට ඇවිදින්න පුළුවන් ද අයියෙ...????

“ ඔව් මල්ලි පුළුවන් ....මාව පොඩ්ඩක් ඇවිද්දවපන් මල්ලි කකුල් හිරි වැටිල.

“ නීල් ආයෙම දේශ්ගෙ අත ඔහුගෙ කරට දාගෙන ටික කාමරේ වටේ ටිකක් ඇවිද්දවද්දි දේශ්ට ටික ටික කකුල් නවල ඇවිදින්න පුළුවන් උනා....

“ හරි මල්ලි දැන් මාව අතෑරපන්... දැන් තනියෙන් ඇවිදගන්න පුළුවන් මට..
අපි ඉක්මනට යං මල්ලි....

ඒත් පල්ලෙ ඉන්න උන්ට මොකක්ද අපි කරන්නෙ ....

“ දේශ් නීල්ගෙන් ඇහුවෙ මේ වෙලාවෙ තියෙන ඇඟේ තියෙන අවසන් ශක්තිය දේව්ව බේරගන්න ඉතුරුකරගන්න ඕනෙ උන නිසා....

“” ආආආ.... ඔයා උන් ගැන වද වෙන්න එපා.
උන් දැන් මැරෙන්න පණ අදිනව ඇති . මං උන්ට අරක්කු වලට මී පාසානං දාලා බොන්න දුන්න...
මං දවසක් අයියට කිව්වෙ මේ වගේ වෙලාවක් ආවොත් කරන්න ප්ලෑන් එකක් මට තියෙනව කියල...අන්න ඒක තමයි මං අද කරේ.. 
මට එළියන් මොකුත් ගේන්න බැරි හින්ද මීයොන්ට තියන්න කියල එළියෙ හිටපු එකෙක්ගෙන් බඩු ටික ගෙන්න ගත්ත...
මුන් ඔක්කොම ඉවරයක් කරේ නැත්තං අපිට නිදහසේ ජීවත් වෙන්න බෑ අයියෙ...

********************************

ශාන්ට දැන් මොනව වෙයිද ? දේශ්ට දේව්ව බේරගන්න පුළුවන් වෙයිද ?

මතකWhere stories live. Discover now