“” එකවරම ශාක්‍ය දුරකතනය අතට ගත්තෙ ලොකු දෙයක් මතක් උන නිසා...
ඔහු ඉක්මනින් කන්ටැක් වල search කරේ
ඔහුගෙ කැනඩාවල ඉන්න යාලුවෙක් උන ශෙනාල්ව මතක් වෙලා ....ශෙනාල් කියන්නෙ ICT සයිඩ් එකෙන් සෑහෙන්න ඉස්සරහට ගිහිල්ලා හිටපු ශාක්‍යගෙ යාලුවෙක් ...

“” හෙලෝ ශෙනාල්....මං ශාක්‍ය ....මට උඹෙන් ලොකු උදව්වක් ඕනෙ බං ....ප්ලීස් බං අපිට මේ වෙලාවෙ මොන වැඩේ තිබ්බත් උදව් කරපන් බං .....
“” ශාක්‍ය කියාගෙන ගියේ දේව් වගේම අනික් පිරිසක් ඔහු වටේට එකතු වෙද්දියි.

“” හෝව්...හෝව් බං ... පොඩ්ඩක් බ්‍රේක් ගහපන් බං ....

Just relax bro...

“ හරි ශාක්‍ය දැන් මට හිමින් කලබල නැතුව විස්තරේ කියපන්කො bro....

“ ශාක්‍ය මුලු විස්තරේම ශෙනාල්ට කියද්දි ඔහු ඉතා අවධානෙන් අහගෙන හිටියෙ මේක  ජීවිතයක් බේරගන්න දරන්න වෙන ලොකු සටනක් කියන එක ඔහුට වැඩිවෙලා යන්න කලින් තේරුන නිසා.....

“ හරි bro තේරුනා.... ලොකු ගේමක් නේද මේක ....මට දැන්ම නම්බර් එක එවපන්...අපි පුළුවන් උපරිම try එක දෙමු තැන හොයාගන්න...උන් මොනම වෙලාවක හරි ආයෙත් මේ නම්බර් එක use කරයි...

උන් ආයෙ ඔය නම්බර් එකෙන්නෙ කෝල් ගන්නං කිව්වෙ.....

“ ලෑස්ති වෙලා හිටපල්ල any time මං උඹලට msj එක දෙන්න ඉඩ තියෙනව. මේ සතිය ගොඩක් තීරණාත්මකයි. උන් last moment එකේ සිම් එක ඇක්ටිව් කරොත් අපිට උඹලගෙ යාලුවව බේරෙන්න තියෙන්නෙ limited time  එකක්. ඒ නිසා කිසිම වෙලාවක පෝන් off කරගන්න එපා.

පුළුවන් නම් ශිෆ්ට් එකට හරි පෝන් එක ගාව පැය විසි හතරම කවුරුහරි ඉඳපල්ල.
Vehicles , weapons රෙඩි කරල තියාගනිල්ල....

“” ශෙනාල්ගෙ ඒ කතාව දේව්ට වගේම අනික් ඔක්කොටොම අලුත් පණක් වගේම  බලාපොරොත්තුවක් ගෙනාවා....ලොකු යුද්දෙකට ඇතිවෙන්න weapons වගේම මිනිස්සුත් වැඩේට ලෑස්ති කරගන්න ඔවුන්ට වැඩි කාලයක් ගියෙ නෑ...
හොටෙල් එක සතියකට වහල දාලා ජොබ් වලිනුත් නිවාඩු අරං කට්ටියම දේශ්ව බේරගන්න මිෂන් එකට රෙඩිවෙලා හිටියෙ වටේටම දාලා තියෙන ඔත්තුකරුවන්ගෙන් ලැබෙන තොරතුරු පස්සෙද ඉව අල්ලමිනි.

මතකWhere stories live. Discover now