01 - වැහි මවපන් අහස

288 49 6
                                    

කියන්නට කිසිවක් නැති වූ තැන හිස්ව
හිස පුරා කළු පැහැය පමණක් ඇති වූ තැනක 
අරුතක් නැති හඬකින් හද මොර නගා හඬන කල
වැළඳ ගන්නද ‌දුක් නොකියා හැඬු වර්ෂාව?

නගන තුරු සිලි සිලි හඬ වැසි වැටෙන කල
විහඟුන්ගේ හුරතල් නද වතු දෙදරා යන
නිහඬයි නිවෙස් සියලු දෙනා ගුලිව ඇඳ මත
එන්නද මා එකලට වැස්සේ දුක අසන්නට

රිදුණ කලට ‌‌‌මොර නගලා හඬාපන්
කියන කලට හඬ නගලා කියාපන්
පිරිමි වූ මතින් දුක ‌නොමැකෙන බව දැනීයන්
අනේ අහස උඹ තව තව වැහි මවාපන්



_____

2023. 10. 01


පිදුම : 

දම් පාට මල් අතරේ කවිවලින් ආදරේ හොයපු දෙවන්මාට.


ඇස්ටර් මල් පෙති | poemsМесто, где живут истории. Откройте их для себя