ගොඩක් ලොකු නැති සාලෙකුයි කාමර පහකුයි...එක්ක පොඩි කුස්සියකුත් තියෙනව.හැම ජනේලෙකටම ලස්සනට කර්ටන් දාලා. සාලෙ ඇතුලෙ පොඩි මේසයක් සෝෆා එකක් එක්ක බිමට ලෑලි ගහල ලස්සන කාපට් දාලා....හැමදාම උනත් ඉන්න හිතෙනව....ඒත් ඉතිං හැමදාම ඉන්න මේවා මගෙ නෙවෙයි නෙ. මං කවුද කියන එකවත් නොදන්න මටත් මැවෙන්නෙ අහස් මාළිගාම තමයි...
සන්සාරේ බවේ දුකා සම්බෝලයි බතුයි කකා ඉන්න වෙයිද දන්නෑ ඉස්සරහට ....

මොකෝ මං කවුද කියල දැනගත්ත දවසට මට තවත් මෙහෙම ඉන්න බෑ කියල මං දන්නව.අනික කොහොමත් මං හිඟන්නෙක් වගේ එකෙක් වෙන්න ඕනෙ.නැත්තං ශාක්‍ය සර්ලට, සතීෂ අයියට මං ගැන හරි විස්තර හොයාගන්න තාමත් බැරිවෙන්න විදිහක් නෑනෙ ....

“අයිතිකාර අයියට කියල මේකෙ අතු ගාගෙනවත් ඉන්න ජොබ් එකක් ඉල්ලගන්න බැරිවෙයිද දන්නෑ ....

අර යක් බොසා එක්ක ඉන්නවට වඩානං සැපේ ඉන්න පුළුවන් මට....මොනව කරනවද දන්නෑ යක් පැටිය...සීයට දාහක් ශුවර් ශාක්‍ය සර් කරපු දේ හින්දා හොඳ අඩව්වක් අල්ලල ඇති.... හිකිස්...එක අතකට හොඳ වැඩේ...දැන් බනින්න එකෙක් හොයාගන්න වෙයි මෝඩ බොසාට....

“දේශ් මොකෝ තනියම හිනාවෙන්නෙ...කාවද මටත් උනේ...ආආඅ...අපිටත් කියනව ඉතිං  අපිත් හිනාවෙන්න කැමතියි !!!!”

“අනේ..එහෙම මොකුත් නෑ සර්...”’

“දේශ් මෙහාට එන්න....ඔයාට අඳුනගන්න ඕනෙ කෙනෙක් ඉන්නව... "

“දේශ් ...මේ ඉන්නෙ පවන්....මගෙ පොඩි කාලෙ ඉඳලම යාලුවෙක්. මගෙ හැමදේටම ඉන්නෙ මූ තමයි.අද ඉඳල ඔයාට ඉන්න වෙන්නෙ මෙයත් එක්ක....
හැබැයි කොල්ලො උඹට පුප නම් පොඩ්ඩක් පරිස්සම් කරගන්න වෙයි මුගෙන්....!! "

“මේ....ශාක්‍ය තෝ මගෙන් අහගන්න එපා...උඹේ පුකට පයින් ගහල තමයි මං තෝව එළියට ඇදල දාන්නෙ.....!!! "

"උඹ ඕවා ගණං ගන්න එපා මල්ලි මූගෙ පොඩි නට් ලූස් ගතියක් තියෙනව පොඩිකාලෙ ඉඳලම...."

“ ඔහොම තමයි ඉතිං ඇත්ත කියනකොට තද වෙනව...!!! "

“හිටපිය තොට මම...ආආ...ඉඳා ....!! "

අතට අහුවුන දොඩම් ගෙඩියකින් පවන් ශාක්‍යට ගහපු පාර හරියටම ගිහිල්ල වැදුනෙ ශාක්‍යගෙ පිට මැද්දට...රෑ තරු බලාගෙන ආපු ශාක්‍යට දවල් තරුත් පෙනුනෙ වැදුනු පාරට....

මතකWhere stories live. Discover now