තිසුර අපහසුවෙන් යුවිනුව අල්ලා ගනිමින් තිසංසාව වැළැක්වීමට උත්සහ කළ ද තිසුරගේ වෑයම සාර්ථක නොවී ය. එවර තිසුර තිසංසා අසලට යමින් ඇගේ පාදයෙහි එල්ලෙන්නට විය.

"යුවිනුව අත අරින්න ! ප්ලීස් තිසංසා මම ඕනි දෙයක් කරන්නම්!!!" තිසුර තිසංසාගේ පාදයක් බදා ගනිමින් බැගෑපත් විය. තිසංසා තිසුරගේ වදන් සත පහකටවත් මායිම් නොකලා ය. ලේ සුවඳින් මත්ව සිටි තිසංසා තිසුරට පයින් ගසා දැමූ අතර අතිශය දුර්වලව සිටි තිසුර පා පහරින් තල්ලු විය.

තිසංසා නැවතත් යුවිනුව ඇදගෙන යාම ආරම්භ කළ අතර තිසංසා සතුව තිබූ පොල්ල ඇය විසින් පසෙක දමා ඇති අයුරු තිසුරගේ නෙත ගැටුණි. තම තුවාල වලින් එන වේදනාව, දවස් කිහිපයක් නිරාහාරව සිටි නිසා දැණුන ක්ලාන්ත ගතිය සහ තමන්ව බැඳ තිබුණු දම්වැල් වල දරාගත නොහැකි බර අමතක කළ තිසුර පොල්ල අතට ගනිමින් නැගී සිටියේ ය. ඉන්පසු තමන්ගේ උපරිම ශක්තිය යොදමින් තිසංසාගේ පිට පෙදෙසට පහරක් එල්ල කළේ ය.

තිසංසා වැටෙන්නට ගොස් අපහසුවෙන් සිට ගත්ත ද ඇයට හානියක් වීමට තරම් පහර ප්‍රබල නොවීය. යුවිනුව අතහැරි ඇය තිසුර දෙසට ගමන් කළා ය. ඒ වන විටත් තිසුර බිමට ඇද වැටී සිටි අතර ඇය තිසුරගේ ඇස් මට්ටමට නැවී ඔහු දෙස මදක් බලා සිටියා ය.

"යුවිනුට මුකුත් කරන්න එපා!" තිසුර නැවතත් තිසංසාට ආයාචනා කළේ ඇගේ අතකින් අල්ලාගනිමිනි. තිසංසා තිසුර තම අතින් අල්ලා සිටින දෙස බලමින් තනිවම සිනාසුණු අතර ඉන්පසු නැවතත් තිසුර දෙස බැලුවා ය.

"තමුසෙ අපේ මල්ලිට එච්චර ආදරෙයිද?" තිසංසා විමසුවා ය.

"ඔව්, මටත් වැඩිය මම යුවිනුට ආදරෙයි" තිසුර තිසංසාගේ ඇස් දෙස කෙලින් බලමින් කීවේ ය.

"එහෙනම් ඔහොම බලන් ඉඳපන්" කියමින් තිසංසා පිහිය පිටතට ගෙන තම දෑතින්ම පිහිය අල්ලා ගෙන තිසුරගේ උදරයට පිහිය කිඳා බැස්සවී ය. ඉන්පසු පිහිය තවත් උදරයට තද කළ තිසංසා පිහිය නැවතත් පිටතට ඇද්දා ය. තිසුරගේ මුවින් පවා රුධිරය පිටතට ආ අතර තිසුරට කතා කර ගැනීමටවත් හැකියාවක් ඒ වන විට නොතිබිණි.

ලෝහිත Where stories live. Discover now