.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජන්කුක් අද වේලාසන ම යුංගිලා එක්ක එයාගෙ උමඟට ඇවිත් දම්වැල් දාගත්තත් අද හද එළිය නිසා අඳුරු කුටිය රතු පාටින් නෑවිලා ගියත් ජන්කුක්ට වෙනදා දැනුණ තමන්ව තීරුවලට ඉරනවා වගේ වේදනාව දැනුණෙ නෑ....ජන්කුක් බාගෙට පරිවර්තනය වෙවී ආයෙ මනුස්සයෙක් වෙන්න පටන් ගත්තෙ නෑ...කෙටියෙන් ම කිව්වොත් ජන්කුක්ට කිසිම වේදනාවක් දැනුණෙ නෑ....

දැන් පරිවර්තනය පටන් ගනියි දැන් පටන් ගනියි කිය කිය බලන් හිටිය ජන්කුක්ගෙ ඇස් හද එළිය නිසා හැදෙන හෙවනැලි රටා අතරෙ අතරමං වෙද්දි ජන්කුක්ට ටිකින් ටික තමන්ව නොදැනී ගිහින් අමුතු රූපරාමු ගොඩක් මැද්දෙ ජන්කුක් අතරමං වුණා...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

තමන්ගෙ කුටියෙ ලොකු ජනේලෙ ළඟට වෙලා එළිය බලාගෙන හිටිය ජින්ගෙ පපුවට පොතක් හිර වෙලා තිබුණත් ජින්ගෙ ඇස්වලට ගස් අතරින් පායලා ආව වටකුරු රතුපාට හඳේ ඡායාව වැටිලා තිබුණා....ජින්ට නොසන්සුන් කමක් දැනුණා....ඒත් ජින් උත්සාහ කළා ඒක පාලනය කර ගන්න... එ්ත් එහා පැත්තෙ කාමරේ ඇහෙන නම්ජුන්ගෙ ගැඹුරු ගෙරවුම් හඬවල් වගේ ම ආයොන්ගෙ කෑ ගැසීම් එක්ක ජින්ට හිත එක තැනක තියා ගන්න අමාරු වුණා.... සාමාන්‍ය ඔමේගා කෙනෙක් ජින්ගෙ කාමරේ හිටියා නම් එයාට මේ සද්ද ඇහෙන්නෙ නැහැ.... ඒත් වැම්පයර් කෙනෙක් විදියට ජින්ට සාමාන්‍ය වර්වුල්ෆ් කෙනෙක්ට වඩා ගොඩක් හොඳට දේවල් ඇහුණා වගේ ම ගොඩක් වෙලාවට ජින් ඒකට වෛර කළා....

.
.
.
.
.
.
.
.
.
.
.

ජනේලෙ ළඟ හාන්සි පුටුවෙ හිටිය ජින් ඔලුව කැරකෙන්න වගේ නිසා ඇඳට එන්න හැදුවත් ජින්ට හැමදේම පෙනුණෙ බොඳවෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජනේලෙ ළඟ හාන්සි පුටුවෙ හිටිය ජින් ඔලුව කැරකෙන්න වගේ නිසා ඇඳට එන්න හැදුවත් ජින්ට හැමදේම පෙනුණෙ බොඳවෙලා....වටේ පේන හැමදේම තත්පරේකට රතු පාටටත් ආයෙ සාමාන්‍ය විදියටත් පේන්න ගත්ත අතරෙ ජින්ගෙ ඔලුව පැලෙන්න තරමට රිදෙන්න ගත්තා....හඳ ටිකින් ටික මෝරගෙන එද්දි ජින්ට තමන්ව පාලනයක් නැතිව ගියා...රතු හඳ පැය දෙකකට වඩා තියෙන්නෙ නැහැ....අද පුර හඳ පායගෙන එද්දිම තමන්ගෙ පාලනය තමන්ගෙන් ගිලිහුණ ජින්ගෙ ඔමේගා හඳ රතුපාටට හැරෙන්න පටන් ගනිද්දි හිටියෙ හැඟීම්වලින් මත් වෙලා...

The Destiny's ChoiceWhere stories live. Discover now