35 වන කොටස......🌼

Start from the beginning
                                    

ඉන්ධර් මාව වඩා ගත්තා..මාව උස්සලා ගත්තු පාරට කැහපට ගැහුන සරම ආපිට ලෙහිලා යනකොට වාහෙ හොයාගන ගියපු ඇලිස් අම්මා අපෙ ඉස්සරහට ආවා...

අනෙ...හාන්දුරුවනේ.. බේබි හාමු....අනේ....මක්කද ඔය කරන්නෙ....බිමින් තියපල්ලා අප්පා......

මට පුලුවන් ඇලිස්....ඒකගෙ කකුල් දෙකට වඩා...මට මයෙ අත් ගැන විස්වාසයි.......ලෑස්‍ති කොරාපන් පහල කාමරයක්...ආය උඩ ලගින්ඩ යන්න තියාගන්නෙ නෑ.....දැන් ඉතින් උඩ ලැගපු කාරනාව සම්පූර්නයිනෙ...ම්ම්ම්......

මට ලැජ්ජා හිතුනා...අනේ ඇලිස් අම්මා මාව වැටේවි කියලා ඉන්දර්ට කෑ ගෑවත් ඉන්ධර් නෙවෙ මාව බිමින් තිබ්බෙ....සම්බෝල පාට පූසි විලිරුදාව අල්ලන් ඒකිට හදලා තිබුන රෙදි පෙට්ටිය අස්සෙ ඉදන් තටම තටම අඩනකොට ඒකි අම්මෙක් වෙන සතුටට වඩා එයා අප්පච්චි  කෙනෙක් වෙන සතුට ඉහ ගියපු ඉන්ධර් පහල කාමර කෑල්ල ලෑස්ති කරන්ඩ කියාගන මාව උස්සන් උඩට ආවා.......

ඉන්..ධර්........

මං මිමිනුවා......

මාව වඩාගන  ආව ඉන්ධර් ඇරල තිබුන දොර හරි හිමීට වහල දාලා පැටියෙක් බඩෙ කියන්න නොදැන රැයක් පුරාවටම අඩව් අල්ලලා අල්ලා දැන් විශ්‍රාම සුව විදින හතර වියන් බැදපු  ඇද මැදින් මාව හරි පරිස්සමට තියාපු ඉන්ධර් කෙරුවෙ අර ගැට ගහලා තිබුන තිර රෙදි ආපිට පාත දාපු එක......

මට ලෝබයි....එහෙන් මෙහෙන් ගහගන යන හුලන් රැල්ලට පවා උඹව බලන්ඩ දෙන්ඩ.......මං විතරක් දැක්කම ඇති මයෙ පැටියා ඉන්න දිහාව....

මට ඊට වඩා ලෝභ හිතුනා...මේ වචනවලට...මේ හැගීම් වලට....මේ ආදරේට මට ඊටත් වඩා ලෝබ හිතුනා....ඇදන් උන්න කමිසෙ ගලවලා ඇද විට්ටම උඩින් දාපු ඉන්ධර් මගෙ ගාවට ආවා .....

මට ආයමත් ඒ වචනෙ කියාපන් මයෙ ඇසල.......මං එවෙලෙ උන්නෙ අවසිහියෙන් වගෙ ....මට ආයම එ වචනෙ කියාපන් මයෙ අම්මෙ...මේ ඇස් දිහා බලන්ම කියාපන්.......මට මේක හීනයක් වගේ මැනිකෙ........පැටියෙක් දියන් දියන් ගගා කනට කෙදිරුවත්...අද කියාවි...හෙට කියාවි කිය කිය හැමදාම මහ රෑට ඇගට ගොඩ උනත්.......මට මේක හීනයක් වගෙ මයෙ රත්තරනේ.....කියාපන්.....මනාපයි...
ලෝබයි.....ආයම ඔය කටින් ඒ සුභ පනිවිඩේ අහන්ඩ..........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now