⚜️ Chapter 10 ⚜️

649 108 38
                                    

(එකටම හැමෝටම ගොඩාක් සමාවෙන්න ඉක්මනටම දෙන්න බැරි උන එකට අලුත් chapter එකක්.🙏😞 මට බනින්න එපා හොදද. මට ගොඩක්ම ගොඩක් සමාවෙන්න මගේ readersla ටිකට.........)


.........................................................................
🎶

ආදරෙ කියලා හිත පිලිගන්නට.....

නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද.....

තන්හා ආශා නුඹ ගැන මොකටද....

එහෙම දේවල් නෑ හිතේ මගේ.......

🎶

මන් එන නිසා තාත්තාත් උදේම meeting එකක් arrange කරලා මාව හදුන්වාදෙන්න. Company එකේ ඉන්න ලොක්කො සේරම ආවට පස්සෙ මාවත් ගෙන්නලා තාත්තා මාව හදුන්වාදීලා meeting එක පටන්ගත්තා.

පැය එක හමාරකට විතර පස්සෙ ඒක ඉවර උනත් ලොක්කො ටික ඇවිත් මට congratulate කරලා යනකොට 10 විතර උනා.

මන් කොහොමත් එයාලාගෙ ලොක්කෙක්නේ.

"චූටි මෙහෙ එන්න ඔයාට suprise එකක් තියනවා."

සේරම මට බටර් ගාලා යනකන් ලොකූ පැත්තකට වෙලා බලන් ඉදලා සේරම ගියාට පස්සෙ මගේ කරට අත දාගෙන කිව්වා.

"මොනාද බන් මේක අස්සෙ suprise. "

"පන්ඩිතය වරෙන්කො මෙහෙ."

අයියා යන පස්සෙන් මාත් ගියා.

අයියගෙ ඔෆිස් රූම් එකට එහා පැත්තෙ රූම් එක ලගට ගිහින් නැවතිලා ලොකූ මන් දිහා බැලුවා. මූට පිස්සුද ගෑනි බලනවා වගේ බලන්නෙ මන් දිහා.

"මොකද ගෑනියේ."

"ගෑනි පෙන්නන්නන් ඇතුලට පලයන්කො."

"Suprise..... මගෙ චූටි ලොක්කා කැමතිම විදිහට මන්ම ඔයාගෙ ඔෆිස් රූම් එක හැදුවා... ලස්සනද"

මන් එහෙමම ඒ රූම් එකේ දොර අරිනකොටම ලොකූ පිටිපස්සෙන් ඇවිත් කරට අතදාගෙන කිව්වා.

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
⚜️ හදවතක උරුමය ⚜️(Complete)Tahanan ng mga kuwento. Tumuklas ngayon