⚜️ Chapter 08 ⚜️

754 128 57
                                    

🎶
ඔය ඇස් මා ලග නැවතුනු දා...........
සිත දැන් ඔබගේ වෙලා...........
රහසේ තුරුලේ සැතපීලා.............
ඉන්නම් මියෙන තුරා.............
(hirushi001)
🎶

පැයක් විතර බැල්කනියෙ ඉදන් අයියගෙ වැඩේ කර කර ඉන්නකොට අන්තිම හරියෙදි බැල්කනියෙන් පහල දැක්කෙ නිවූ කොට කලිසමකුත් ගහගෙන ෆෝන් එකත් ඔබ ඔබ gate එකෙන් එලියට යන්න හදනවා.

යකෝ කලිසමේ කොට. සුදු ඒවා පෙන්න පෙන්න කොහෙ යනවාද දන්නෙ නෑ. යකෝ ඕවා මගේ ඒවා මන්වත් හරියට දැකලා නෑ. කිරි සුදු පාටයිත් එක්ක. එකටම ඕන එකෙක්ට ඇස් යන්නෙත් ඒවාට. මොන මගුලෙ යනවද මන්ද. යකා අවුස්සනවනෙ ඉතින්.

එහෙමම කෝල් එකක් ගත්තෙ නිවූට උඩ ඉදන් එයා දිහා බලාගෙනමයි. ෆෝන් එක බලපු එයා එහෙමම නැවතිලා කෝල් එක answer කලා.

"කොහෙද යන්නෙ ආ."

මන් තරහෙන් අහනකොට එයා ඉක්මනට උඩ බැලුවා. මාව දැක්ක පාර බය උනා. මොකද මට තරහ ගිහින් හිටියේ. මගේ මූනෙන් ඒක පේන්න ඇති. මන් එයාට රවාගෙන හිටියේ.

"අයියේ.. මන් මේ යාලුවෙක් හම්බෙන්න යනවා"

"ඔහොමද යන්නෙ.හරි ශෝක් ජංගි කොටයක් ගහගෙන සේරටම ගල පෙන්න පෙන්න යන්නද හදන්නෙ"

එහෙම කියනකොට නිවූ එහෙමම ටිකක් කලිසම පහලට ඇදගත්තා.

"ඕක ඇද්දට හරියන්නෙ නෑ. ඉන්නවා ඔහොමම අඩියක් හරි gate එකෙන් එලියට තිබ්බොත් බලාගම්මු."

මන් එහෙම කියලා එයාට මොකුත් කියන්න දෙන්නෙ නැතුව එහෙමම කෝල් එක cut කලා.
ඊට පස්සෙ බලන්නෙවත් නැතුව ඒ පැත්ත මගේ වැඩේ ඉක්මනට ඉවර කරලා පහලට බැස්සෙ car key එකත් අරගෙන.

නිවූ ගාවට ගියේ එයාගෙ කකුල් දෙක දිහා බලාගෙනමයි. යකෝ මෙච්චර ලස්සන ඒවාට වහ වැටෙන්න ඕන තරන් ඇබලයො හැමතැනම. මෙයාට මේක තේරෙන්නෑනෙ.

"කාට පේන්නද ඕවා අදින්නෙ.යනවා ගිහින් මාරු කරගෙන එනවා ඇදුමක්."

මගේ තරහට නිවූ හොදටම බය වෙලා එයාගෙ ඇස් නලියනවා බය වෙලා.

"අ..අයියේ.. කලිසම් සේරම හෝදන්න දාලා වේලිලා නෑ."

එහෙම කිව්වම මන් car එක ලගට ගිහින් Car එකත් start කරගෙන නිවූ ගාවට ගිහින් හෝන් එක ගැහුවෙ නගින්න කියලා.

⚜️ හදවතක උරුමය ⚜️(Complete)Where stories live. Discover now