විසංයෝග ☠️❤️‍🔥 01 කොටස

3.1K 155 26
                                    

මහත්තයො මේ පැත්තෙන් ආවානම් , මෙවා ඉතින් සුද්ද කරන්නේ කඨින කාලෙට නොවැ නැත්තම් ඉතින් වැඩිය මිනිස්සු යැවෙන පාරවල් නෙවෙනේ

එතකොට මාමේ මේ ආරාමෙට දානෙ එහෙම

ආ එකනම් ඉදල හිටල මිනිස්සු මුර දානෙ ගෙනියනව ඔවා කරන්න මිනිස්සුන්ට සල්ලි කොහෙන්ද මහත්තයෝ එ හින්දා හාමුදුරුවරු බෙදිලා ගම් පහට පිණ්ඩපාතේ නොවැ වඩින්නේ

දෙවේලක් වඩිනව්ද එතකොට මාමෙ

අනේ නැ මහත්තයො එක වේලයි හැන්දෑවට නම් රූබට් උන්නැහේ ගිලන්පස හදල දෙනව
ඔන්න මහත්තයො කතාවෙන් කතාවෙන් ආරණ්‍යයේ සීමාවටත් ආවා

වටේටම ගන කැලෑවකින් ආවරණ්‍ය වෙලා තිබ්බ ආරණ්‍ය සේනාසනයේ දොරටුව වුනේ ගල් දෙකක් මැද්දෙන් තිබ්බ අඩිපාරක් අඩිපාරේ ඉස්සරහට යද්දි සක්මන් මලු වල සක්මන් කරන, ලෙන්වල භාවනා කරන ,ගස්මුල් වල වනපොත් කරන හාමුදුරුවරු තැනින් තැන පෙන්න වුන්නා ඒ පේන මගෙන් ඉදිරියට ඇදුනේ වෘතියෙන් ඉංජිනේරුවරයෙකු වුන විහංස දිසානායකයත් ඔහුට මග පෙන්වන්න ආ ගම්වැසියෙකුත්ය

මද දුරක් ඉදිරියට ගොස් කුටියක් අසල නැවතුන ගැමියා උගුර මදක් පාදා කුටියේ දොරට තට්ටු කරන්නට විය. මද වේලාවකින් විවර වූ දොරෙන් එලියට වැඩියේ මැදිවියට ආසන්න වුවත් තරුණ විය නොඉක්මවූ හිමිනමකි.

ස්වාමින් වහන්සේට ගැමියා වන්දනා කොට පසකට වූ හෙයින් විහංසද ස්වාමින් වහන්සේට වන්දනා කලේ ගැමියාව අනුගමනය කරමිනි.

අවසර ලොකු හාමුදුරුවනේ මේ මහත්තයා ඔබ වහන්සේව මුණ ගැහෙන්න කියලා කොළඹ ඉදන් නොවැ ඇවිල්ල තියෙන්නෙ හන්දියෙන් මුලිච්චි වුන නිසා මම එක්කොරගෙනම ආවා මමත් අපේ අක්කගේ දානෙ විස්තර කතා කොරගන්ට කියලා එන ගමන් වුන්නේ

එහෙමයි
හොදයි  සෝමේ මාමා ගිහින් නිරෝධ උන්නාස්සෙව හම්බෙන්නකෝ පොඩිනම විස්තර කියාවි මාමට

හොදමයි ලොකු හාමුදුරුවනේ
මහත්තයා එහෙනම් මම ගොහින් එන්නම් උවමනාවක් වුනොත් හන්දියට ඇවිල්ල සෝමපාලගේ ගෙදරට යන්න පාර අහන්නකෝ

විසංයෝග ☠️🔥 Onde histórias criam vida. Descubra agora