30 වනකොස...🌼

Start from the beginning
                                    

මං හිනා උනා...... ඉන්ධර් කතා කරනවා.......මොකද  මෙච්චර ලස්සන වචන තියන ඉන්ධර් ගාව මට වියදම් කරන්න කවදාවත් බර වචන තිබුන් නැති නිසා....දන්නෙත් එක වචනයයි නම්...මට සිද්ද උනා හැම  වෙලේම ඒකම පාවිච්චි කරන්න...ඒත්    ඉන්ධර් කවදාවත් මට හිනා උනෙ නෑ...  .ඉන්ධර් කවදාවත් මාව පහත් කෙරුවෙ නෑ......ඉන්ධර් අහන් උන්නා....අහන් ඉදලා අවසානෙදි හරි ලස්සන හිනාවක් එක්ක මට උත්තර බැන්දා...........

හ්ම්.......කෝ...අහකට වෙයල්ලකො එහෙනම්...ගිහින් බත් පත අරන් එන්ඩ....හරි මහන්සි ඇසල.......කරමත ඉහට ගහන් එන්නෙ හොදටෝම........

ඉන්න......මං අරන් එන්නම්.......

ම්ම්...ගියාට කාරි නෑ....නයි මුගටි වගේ කාගන්නෙ නැතුව....තේරුනාද ම්ම්.......අම්මන්ඩි ගෙ කට ගැන මන් නොදන්නවා නෙවෙ...මයෙ අම්මා හිත තලාගනී කියලයි මට බය...............ම්ම්ම්...හ්ම්....ගිහින් අරන් වරෙල්ලකො......

මගෙ මූනත් එක්ක මොකක්ද වෙලා ගියා....මාව තියලා බත් පත ගේන්න හදපු ඉන්ධර් ව නවත්තපු මට දොර ගාවදි කියපු වචනත් එක්ක මොකක්ද වෙලා ගියා.......බේබි හාමු බයෙ ඉන්නෙ දොදොලි මගෙ හිත තලයි කියලා ....හාමු දන්නවා නම් මගෙ කට ගැන........කමක් නෑ....මම නෙවෙනෙ අංකරේට එන්නෙ....දොදොලිනෙ..........

එහෙමයි බේබි හාමු..........

හ්ම්.......

එලියට ආව මං කටුස්සා පාට මාරු කරනවා වගේ  හිමින් සැරෙ ඉන්ධර්ගෙ මුව පැටියව පැත්තක තියලා සුගල පිලිගන්ඩ අකමැතිම පොඩි මැනිකෙ උනා.........

හහ් ඔය ඇහෙන්නෙ...ඔය ඇහෙන්නෙ වලන් පිගන් පොඩි කරනවා.....

අරකි බත් ගෙඩිය බැදගත්තයි දිව්වයි......දැන් ඒකිගෙත් නැවුනු කොදු නාරටි දිග ඇරීගන එන්නෙ.......බලමුකො බලමුකො...ධර්මසේන අයියන්ඩි ඕකිව බාර ගනීද කියලා......බාර ගනී...බාර ගනී කියලම තමයි බය......අරකා හිතන් ඉන්නෙ යතුරු කැරැල්ල අතට ගන්ඩ..........ඕකා බඩ උනොත් මං මගෙ හවරියෙන් බෙල්ලෙ වැල දාගන්නවා......

හිතේ ඇති.........මයෙ කොල්ලව රවට්ට ගත්තා පරයා.........මයෙ අහිංසකයා...මයෙ අම්මා කියාගන ගෙට ගොඩ උන එකා......

හිමින් සැරේඋඩ කුසියට ගියපු මං වේවැල් කූඩෙ අහක් කරලා බැලුවා.......හිතුවා හරි  ..දොදොලි මෙකෙ තිබුන ලූල් මාලුව සම්පූරනම හොරා අරන්.........දැන් තියෙන්නෙ එලවලුයි මැල්ලුමයි විතරයි .....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now