28වන කොටස....🌼

Start from the beginning
                                    

මයෙ කොලු පැටියා උඹ.........

බ්..බේබි....හාමු...මගෙ...අම්...මා...අනේ...

දන්නවා.....උඹලට දුකයි කියලා .......අඩන්න ඕනෙම නම්...අඩපන් රත්තරන් ...හැබැයි ගෙට ගොඩ වෙන්ඩ කලියෙන් කදුලු පිහදගනින් තේරුනාද....ඒකිත් තාම කදුලු බිබී හූල්ලනවා......

අනේ..ඇයි...හාමු.......අපි විදින දුක බලලා වත්.....ධර්මසේන හාමුට ......

මට ඉකි ගැහුනා....තවත් නම් උහුලන් ඉන්ඩ බෑමයි හිතුනා......මෙච්චර දුක් විදිනවා බලලත් ඇයි ධර්මසේන හාමුලට අපිට පිහිට වෙන්ඩ බැරි අහන්න හදපු මට එතනින් එහා කියා ගන්ඩ බැරිව ඉකි ගැහිලම අඩනකොට අනේ ඉන්ධර් මාව ඒ පලල් පපුවට තෙරපගත්තා...

හ්ම්....ඇති තරමක් අඩාපල්ලකො...මං මොකුත් කියන් නෑ....මං දන්නවා..මහ එකෙක් වගේ  පවුල් බර ඉහට ගත්තට මේ ඉන්නෙත් තාම දුවන පනින වයසෙ කොලුවෙක් කියලා ....කාරි නෑ...අඩාපන් මයෙ රත්තරන් ...උඹගෙ ඉන්ධර් ඉන්නවනෙ මයෙ අම්මට ම්ම්ම්.......ආදරෙයි මගෙ ඇහල මලට.....

මම ඇඩුවා...අප්පච්චි හන්දා නර දුක් විදින මම  දුක මතක් කර කර ඇඩුවා...එක එකාගෙන් අහන්න පුලුවන් වෙට්ට කතා පට්ට කතා බලු කතා ඔක්කොම අහ අහ හුස්ම ගන්න අම්මා කුමාරි හාමි කෙනෙක් කිව්වම මගෙ පපුවට වාවන්නෙ නැතිව ගියා...

අනේ...ඇයි...බේබි..හා...මු......මගෙ...අම්මා....ඒ.ගැන...කටක්...වත්...අරින්...නැත්තෙ....අනේ...ඇයි...හාමු....අම්මා....අපිව දාලා වත් නොගියෙ.....වෙන..ගෑනියෙ.....

මට ඉකි ගැහුනා.....මං අඩ අඩම ප්‍රශ්න ඇහුවා...ඇයි බේබි හාමු ගගා ඉන්ධර්ගෙන් ප්‍රශ්න කෙරුවා ...ඒත් එයා කෙරුවෙ  මම අහන දේවල් අහන් උන්නා මිසක්කා උත්තර නොදී ඇති පදම් මට අඩන්න දුන්න එක වෙනකොට අවසානෙදි මං අඩලා...අඩලා....හෙම්බත් වෙලා ඔහේ  ඒ පපුවට ඔලුව ගහන් උන්නා....

මයෙ මැනිකට ඇතිද දැන් ඇඩුවා....ම්ම්ම්ම්...මේ බලාපන්...මේ ඔක්කොම තෙමිලා උඹගෙ ඇස්වලින් ආව කදුලු වලටම....අපරාදෙනෙ රත්තරනෙ...

ඇත්ත ඉන්ධර් කියපු හැම කතාවම ඇත්ත.....මං එයාගෙ මුලු ශර්ට් එකම තෙමිලා තිබුනා....ඒ මගෙ  ලුණු රස කදුලු වලින්.......

ඇසල........

මං ඉන්ධර් දිහා බැලුවා..අනිවාර්යයෙන්ම මගෙ ඇස් ඉදිමිලා රතු වෙලා ඇති.........එයා තත්පර ගානක් විතර මගෙ මූන දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි ඇගිලි තුඩු වලින්  මගෙ ඇස්   පිහ දැම්මා විතරක් නෙවෙ...අනේ අප්පච්චි කෙනෙක් වගෙ කිසිම හිරිකිතයක් නැතුවම මගෙ නහය පවා පිහ දැම්මා.....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now