4📌

29 1 1
                                    


ඔරික් සද්ද නැතුවම ඩ්‍රයිව් කරත් මම නිහඩතාවය බින්දා

🎀 හබී...

🥊 ම්ම්...කියන්න බබී

🎀 ගොඩක් කල් යයිද මිශන් එකට

🥊 අපි අද තාත්තාගෙන් අහගමුකෝ පැටියෝ...

🎀 දෙන්නව තනියෙන් දාල යන්න බය නැද්ද

🥊 මටත් ඔයාට දැනෙන දේ දැනෙනවා බබී....ඒ මගෙත් ලමයි දෙන්නා ඒකමයි මන් ඔයාව මිශන් එකෙන් අයින් කරලා වෙන කෙනෙක් දාගන්න ගියෙ

🎀 ෆුහ්...හිතේ ඇති මාව දාලා තනියෙන් මිශන් වලට යන්න

ඒකට නම් ඔරික්ට බකස් ගාලා හිනා ගියා...හිනා වෙන්න දෙයක් නෙමේනෙ මන් කිව්වේ මන් ආස නෑ එයාව එහෙම යවන්න..මොකද එයා ගෙදර එනකල් මම ඉන්නෙ ගොඩක් බයෙන්...අනික මේක ලොකූ මිශන් එකක් සීක් ලට එරෙහිව අපිටත් වඩා සංවිදානාත්මක කට්ටියකට ඇටෑක් කරන්න ඔරික්ව කොහොමවත් තනියෙන් යවන්න බෑ

🥊 බැදලා අවුරුදු හයක් ගියත් තාම මාව තනියෙන් යවන්න බයයි නේද...

🎀 කල් යන්න කල් යන්න ආදරේ වැඩි වෙනවා...අඩු වෙන්නෑ

ඔරික් කාර් එකෙන් බැහැලා මගේ පැත්තෙ දොරත් ඇරලා මගෙ නලලට කිස් එකක් දීලා මගෙ අතින් අල්ලගත්තා

🥊 ඒක තමා බබී මන් මේ කැලල මැකෙනවට අකමැති

ඔරික් ශර්ට් එකේ අත උඩට කරල පෙන්නුවේ අපේ පලවෙනි හමුවීමේ ප්‍රතිපලයක් විදිහට මැහුම් දාන්න උන එයාගෙ අත පෙන්නලා

🎀 ඒක දකිනකොට මට දුකයි අනේ

🥊 එදා දුක හිතුන්නෑනේ මේ හැන්සම් කොල්ලගෙ කියුට් මූනට මොනාහරි වෙයි කියලා

🎀 අනේ මේ විකාර නැතුව එන්න

ඔරික්ගේ අතේ එල්ලිලා මම ගියේ අම්මයි තාත්තයි බලන්න

ගෙට යද්දිම අම්මා හිනා වෙලා නැගිට්ටේ අපිව බලාපොරොත්තු උනා වගේ

👩 අනේ...දෙන්නා එනකල් තමා අපි හිටියේ...කෝ මගෙ පැටව් දෙන්නා

🥊 ඒ දෙන්නා ගෙදර අම්මේ කෝ තාත්තා

👩 අහ්...යන්කෝ තාත්තයි අක්කයි අයියයි ඔක්කොම ඉන්නවා

අම්මා අපි දෙන්නව උඩ තට්ටුවට එක්කන් ගියා
යද්දි වට මේස සාකච්ඡාවක් වගේ තාත්තයි අක්කයි අයියයි ඉදන් ඉන්නවා මායි ඔරිකුයි අම්මයිත් එතනින් වාඩි උනා

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 03, 2023 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Spy familyHikayelerin yaşadığı yer. Şimdi keşfedin