ᴄʜᴀᴩᴛᴇʀ 01

Start from the beginning
                                    

සම්පුර්ණ කළු පැහැයෙන් සැරසිලා ඉදපු ඔහු තමන් ඉස්සරහ තියෙන 'Libertà a Mezzanotte' සදහන් කරලා තිබුණු මිලාන් වල ප්‍රසිද්ද night club එකක් වුණ ඒ දිහා බැලුවේ සුපුරුදු ලෙසම Smirk කරන ගමන්. ඒ දිහා මදක් බලන් ඉදපු ඔහු ඉස්සරහට ඇවිද ගෙන ගීයේ මෝටර් රථය වටා ඉදපු ඔහුගේ ආරක්ෂකයෝ වුණු හැඩි දැඩි මිනිස්සු කිහිප දෙනත් ඔහුව අනුගමනය කරන ගමන් ඔහු පිටුපසින් එනකොටයි..

Libertà a Mezzanotte night club එක තුලට ඇතුල් වුණු ඔහු තමන්ටම අවේනික වුණු තේජාන්විත ගමනකින් ඇවිද ගීයේ ඇතුලේ ඉදපු හුගක් මිනිස්සුන්ගේ ඇස් ඔහු දිහාවට වැටෙනකොට වුනත් ඒ කිසිම කෙනෙක් ඔහු ලගට යන්න දෛයිරිමත් නොවූනේ ඔහුගේ පිටු පසින් ආපු හැඩි දැඩි මිනිස්සු නිසයි..

ජෙල් ගලා පිළිවෙලට හදලා තිබුණු කළු කොන්ඩේ, වයිට් ෂර්ට් එකකට ඇදලා තිබුණු කළු ට්‍ර්වූසර් එක වගේම ඒ පාටම බ්ලේසර් එක, ඒ හැමදෙකටම මැච් වෙන විදියට දාලා තිබුනු කළු පාට ලෙදර් සපත්තු දෙකත් එක්ක වම් අතේ තිබුණු මිල අධික රත්රන් පාට ඔරලෝසුව, දකුණු අතේ තිබුණු මුදු කිහිපය වගේම ඔහුගේ ගෙලේ තිබුණු නෙක්ල්ස් එක ඔහුගේ කඩවසම් බවට හොදින්ම සාක්ෂි දැරුවා..

තමන්ගේ දිහා බලන් ඉන්න මිනිස්සු ගැන තැකීමක් නොකරපු ඔහු තමන්ගේ තියුණු ඇස් වලින් club එක ඇතුලේ හැම තැනක් දිහාම හොදින් නිරීක්ෂණය කරලා නැවතත් කට කොනේ ඇදුනු සුපුරුදු සෙල්ලක්කාර හිනාව මුහුණට ඇද ගත්තේ තමන් බලාපොරොත්තු වුණු දේවල් ඒ විදියටම සිද්ද වෙලා තිබුණු නිසයි..

"Alpha !! "

දෙපසට වුණු සෙනග අතරින් club එකේ VIP area එකට ඇතුල් වුන ඔහු පිටි පස්සට හැරෙන ගමන් දැඩි දැඩි පිරිමි කිහිපදෙනා අතර ඉදිරියෙන්ම ඉදපු, අනෙක් අයට සාපේක්ෂව තරමක් ශරීරයෙන් විශාල වුණු ඔහුගේ ආරක්ෂකයන්ගේ නායකයා කියලා හිතන්න පුළුවන් වුණු කෙනා දිහා බලන ගමන් ඔහු කතා කරා..

"Don't do anything until you get my order !!"

තමන්ගේ ගැබුරු හඩ අවදි කරන ගමන් ආරක්ෂකයන්ට අණ දීපු ඔහු තමන් යාමට අදාල වුණු කාමරය දෙසට ඇවිද ගීයේ ඔහුගේ ආරක්ෂකයන් ද ඔහු ගෙ පසූ පසින් යන විටයි..

𝐏𝐎𝐒𝐒𝐄𝐒𝐒𝐈𝐕𝐄 𝐌𝐀𝐅𝐈𝐀  [ ᴠᴋ ] ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now