ᴄʜᴀᴩᴛᴇʀ 01

766 108 16
                                    



Italy

මධ්‍යම රාත්‍රිය පහු වෙලා විනාඩි කිහිපයක් ගෙවිලා ගිහින් තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මධ්‍යම රාත්‍රිය පහු වෙලා විනාඩි කිහිපයක් ගෙවිලා ගිහින් තිබුනා. Palermo සිට Milan දක්කවා යන අධිවේගී මාර්ගයෙ එක පෙලට වේගෙන් ඉදිරියට ඇදෙන මිල අදික ඩිෆෙන්ඩර් රථ කිහිපය වගේම නවීන පන්නේ මෝටර් රථයට ඉඩ දෙමින් මාර්ග දෙපස ධාවනේ වුණු අනෙක් වාහන වල ඉදපු මිනිස්සු පුදුමකින් ඒ දිහා බලන් ඉද්දී තවත් සමහරු හුස්මක් පිට කරමින් ඔලුව දෙපැත්තට වැනුවේ අදත් යම්කිසි දෙයක් සිද්ද වෙනවා කියලා අත්දැකිමෙන්ම දැනන් හිටපු නිසයි..

මාර්ගය දිගේ වේගෙන් ඇදුනු මෝටර් රථ කිහිපය අවසානේ මිලාන් නගරයට ඇතුල් වුනේ රාත්‍රී කාලේය තුල නගරේ තිබුණු නිශ්බ්ද බව නැති කරමින්. මිලාන් නගරය තුලට ගමන් කරපු මෝටර් රථ පෙළ 'Libertà a Mezzanotte' කියලා ලොකු බෝර්ඩ් එකක ගහලා, හුණුගල් වලින් කැටයම් කරලා තිබුණු තැනින් මෝටර් රථ පෙළ පේලියට නතර කරා..

ඉස්සරහින් නවත්තලා තිබුණු ඩිෆෙන්ඩර් රථයෙන් හැඩි දැඩි මිනිස්සු දෙදෙනෙක් එලියට එනකොට මෝටර් රථ පේලියේ අවසානේ තිබුණු ඩිෆෙන්ඩර් රථයෙන් ඒ සමාන හැඩි දැඩි මිනිස්සු කිහිප දෙනෙක් එලියට ආවා. එක පෙලට ඇවිදගෙන ආපු ඔවුන් ඩිෆෙන්ඩර් රථ පේලිය මැද ඇති කළු පැහැති මෝටර් රථය වටා සීරුවෙන් හිට ගද්දි ඔවුන්ගෙන් එක් අයෙක් ඉදිරියට ඇවිත් කළු පාට මෝටර් රථයෙ පිටිපස්සේ දොර ඇරියේ ඩිෆෙන්ඩර් රථ වලින් ආපු හැමෝම තමන්ගේ හිස බිමට හරවද්දීයි..

සම්පුර්ණයෙන්ම කළු පැහැයෙන් සැරසිලා ඉදපු ඔහුගේ ඇදුම් පැළදුම් ඉදන් කකුලේ තිබුණු සපත්තු දෙක වෙනකන් මිල අධික ඒවා බව ඔහුව දකින ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් වුණා. මෝටර් රථයෙ දොර ඇරපු පුද්ගලයා ඔහුට ආචාර කරන ගමන් පැත්තකට වුනේ ඔහු තමන්ගේ තියුණු ඇස් වලින් අදුරින් පිරිලා තිබුණු වට පිටාව දිසා විමසිලිමත්ව බලන අතරෙයි..

𝐏𝐎𝐒𝐒𝐄𝐒𝐒𝐈𝐕𝐄 𝐌𝐀𝐅𝐈𝐀  [ ᴠᴋ ] ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now