☆ Chapter 05 ☆ pt 02

Comincia dall'inizio
                                    

" මටත් මේ දැන් මැසේජ් එක ලැබුනා විතරයි බොස්. "

" Get ready... සුගා හ්යොන්ග්ටත් එන්න කියන්න. "  ජන්ග් කුක් ටේට අණ කරමින් කාමරයට ගියේ ලෑස්ති වෙන්න.

සෝහා තාමත් උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව තරු පිරුන අහස දිහා බලාගෙන බර කල්පනාවක. ඒ අතරේ කාමරයට ආව ජන්ග්කුක් සෝහා දිහා එක පාරක්වත් බලන්නැතුව එයාගේ ගන් එකයි කා' කී එකයි අරගත්තේ ජැකට් එකකුත් ගන්න ගමන්.

ජන්ග්කුක් කාමරයට එන සද්දයට මේ සිහියට ආව සෝහා ගැස්සුනේ ජන්ග්කුක් ගන් එක ගන්නවා දැකලා.

අහන්න දේවල් කොච්චර හිතේ තිබුනත් සෝහා කලේ නිහඬව හිටපු එක.

" let's go "

" ඒත් ජන්ග්කුක්.."

" just follow me tae hyung "

ටේහියුන්ග් සද්ද නැතුව ජන්ග්කුක් පිටිපස්සෙන් යන්න ගත්තෙ මැන්ෂන් එකේ ගාර්ඩ් එකත් වැඩි කරලා.

" කවදාවත් නැතුව ඇයි අද මේ වගේ ? දවස මාරු කරනවා කලින් කිව්වෙ නැහැනේද ටේ ?"

සුගා ඇහුවේ එයාගෙ ගන් එක බුලට් වලින් පුරවන ගමන්. ටේහියුන්ග් කලේ ඔව් කියන්න ඔලුව වනපු එක.

ටේහියුන්ග් , සුගා එක්ක මුලින්ම පෝ'ට් එකෙන් බැස්සෙ ෆුල් ගාඩ් එකත් එක්ක. ඒත් මේ දිහා යොණු උන උකුසු ඇස්වලට ගැටුනෙ එයා හිතපු දේමයි.

" holy s*it මම හිතුවා හරි. "

ටේහියුන්ග් වගේම සුගාට ඒම් කරගෙන එන ස්නයිපර්ස්ලා එකින් එකාට වෙඩි තියාගෙනම කා' එකෙන් බැහැපු ජන්ග්කුක්ව දැකලා නම් කට්ටිය ටිකක් ගැස්සුනා.

එක එකාව බිමට වට්ටන ගමන් ජන්ග්කුක් ලං උනේ ටේහියුන්ග්, සුගා ඉන්න තැනට.

" මොනා උනත් බඩු ටික ඔක්කොම අරගන්න ටේහියුන්ග්. "

" හරි බොස්. "

ජන්ග්කුක්ගෙ පිටිපස්සෙන් දුවගෙන ආව මිනිහෙක් ජන්ග්කුක්ට හිතන්නවත් නොදි කිනිස්සකින් ඇන්නෙ ජන්ග්කුක්ගෙ උරහිස පසාරු කරගෙන කිනිස්ස ඇතුලටම කිඳා බහිද්දි.

ජන්ග්කුක් හැරෙන ගමන්ම ඒ මිනිහගේ අත අඹරලා ගත්තෙ ඒ මිනිහා අනිත් අතින් තමන්ගෙ අත අල්ලගෙන කෑ මොර දෙද්දි.  ජන්ග්කුක් ඒ මිනිහගේ අත අනිත් පැත්තටම හරවලා දාලා එයාගෙ උරහිසේ රැඳිලා තියන කිනිස්ස අරගෙන ඒ මිනිහගෙ බෙල්ලට ඇන්නෙ එකපාරින්ම ඒ මිනිහා එතනම ඉවරයක් වෙද්දි.

ජන්ග්කුක්ගෙ ගාඩ්ස්ලා අනිත් අයගෙන ජන්ග්කුක්ව ආරක්ෂා කරන අතර ජන්ග්කුක් එයාගෙ අතින් ගලන ලේ ගැනවත් නොහිතා හැංගිලා ඉන්න ස්නයිපර්ස්ලා ඔක්කොටම වෙඩි තියාගෙන තියාගෙන ගියේ හරියට එයාලා හැන්ගෙන තැන බලන් හිටියා වගේ.

" ජන්ග්කුක් !!! "

ඩීල් එක ඉවර කරලා ආයෙම එන ටේහියුන්ග්ට වගේම සුගාට දකින්න ලැබුනේ ලේ පෙරාගෙන යක්ශාවේස වෙලා ඉන්න ජන්ග්කුක්ව.

ටේ හියුන්ග් පුලුවන් ඉක්මනින් කා' එකත් අරන් ඇවිත් ජන්ග්කුක්ව ගාඩ් කලේ සුගාත් වටේම ඉන්න උන්ට හොඳට නෙලද්දි.

කා' එකට නැගගත්ත තුන් දෙනා එතනින් පිටත් උනේ ගාඩ්ස්ලා ඔක්කොටම එතනින් අයින් වෙන්න කියලා අඟවන ගමන්.

" ජන්ග්කුක් උඹ හොඳින් නේද ? "

ජන්ග්කුක් කලේ හිනාවෙන එක විතරයි. මහ හයියෙන් හිනා උන ජන්ග්කුක් එක පාරට චවුන්ට් කරන්න ගත්තෙ ටේහියුන්ග්වත් පුදුම කරලා.

" three... two... one... doom "

ජන්ග්කුක් කට කොනින් හිනා උනත ටේහියුන්ග් වගේම සුගාත් කා' වලට පිටිපස්සෙන් පේන ලොකු දුම දිහා පුදුමෙන් බලද්දි.

💥~To be continue~💥

ඔන්න මම පොරොන්දුව රැක්කා... ලමයි.. මට පොඩි online business එකක් පටන් ගන්න අදහසක් තියනවා... ඔයාලා මොකද හිතන්නෙ ? මට ඔයාලාගෙ අදහසුත් කියන්නකො... වැඩි ඉල්ලුමක් තියන දේවල් එහෙම... diy එකක් තමා හිතන් ඉන්නෙ.

ආහ් තව... කතාව ගැනත් අදහස් ඕනේ...

උනු උනුවෙම අරන් ආවේ ඉතින්... මට ලැන් ඉස්සර තරම් ඉක්මනට ටයිප් කරන්න බැහැ අනේ... ඒකයි වෙලා යන්නෙ...

ලාචිමෝලාලා 💜✨️

 My Mafia Husband | ⭕️Dove le storie prendono vita. Scoprilo ora