ආයිත් ආච්චි බර හුස්මක් පහල දැම්මා තමන්ගේ කතාව ඉවර උනායින් පස්සේ.....

එච්චරයි කියන්න ඕන උනේ. මෙච්චර වෙලා හිර කරන් ඉදපු කදුලු Jungkook පිට කරේ මහා හයියෙන් අඩන ගමන්......

" ම.. මගේ මැනික..... අප්පාට සමාවෙයන් මගේ රත්තරනේ... මං මං උබට වෛර කරන්නේ නෑ මගේ පුතේ..... මං මහා තිරිසනෙක් කියලා මං දන්නවා... මං පරක්කුයි කියලාත් මං දන්නවා . ඒත් ඇයි මැනික මෙච්චර ලොකු දඩුවමක් මට දුන්නේ. මං කොහොමද දෙයියනේ දරාගන්නේ..... මං කොහොමද ජීවත් වෙන්නේ... මගෙම දරුවා මරාගෙන ජීවත් උනා වගේ මට. මං මහා කාලකන්නියෙක්. ඇත්ත. මං වගේ එකෙක්ට මැණිකව වටින්නේ නෑ.... මං මං මේ අත්වලින්ම කොච්චර වද දීලා ඇද්ද. එහෙව් මට කොහොමද රත්තරනේ ඔහොම ආදරේ කරන්නේ.......... මට සමාවෙන් මගේ පැටියෝ.... අප්පාට සමාවෙන්න........"

විනාඩියක් ,දෙකක්, පැය බාගයක් නෑ....... පැය දෙක තුනක් jungkook පිස්සෙක් වගේ ඇඩුවා.... ආදිගෙන් සමාවගන්න ගමන් ඇඩුවා....

Jungkook ට අඩන්න එපා කියන්න වගේ සොහොන් කොත ලග තිබ්බ පෙයාස් ගහේ කොල Jungkook ලගට වැටුනා...

අමාරුවෙන් හුස්ම ගන්න jungkook ව taehyung ඉක්මනින් තමන්ගේ තුරුලට ගත්තේ Jungkook ට හොද උනත් තාම පපුව වෙහෙසන්න හොද නැති නිසා.......








සෑහෙන වෙලාවකට පස්සේ එයාලා ආපහු ආච්චිගේ ගෙදරට ආවා......

" ආදිගේ බඩු ටික අරගෙන යනවාද? මහා ලොකු බඩු නෑ. කාර් එකේ අරගෙන යන්න පුලුවන්. ඒ ටික අරගෙන යන්න. ඒවා දකින දකින වාරයක් ගානේ මගේ පපුව පිච්චෙනවා...."

ඔලුව වනපු කට්ටිය ආච්චි පෙන්නපු කාමරේට ගියා.

එයාලාගේ ඇස් ආයෙම තෙත් උනේ කාමරේ තියෙන තමන්ලාගේ පිංතූර දැකලා......





ඒත් ඉක්මනින් ආදිගේ බඩු එයාලා ලෑස්ති කරගත්තා.

කොහොමත් මහා දෙයක් නොතිබ්බ නිසා එයාලට අස් කරන්න දෙයක් තිබ්බේ නෑ.....



පෙට්ටි ටික වාහනෙ පිටිපස්සෙන් දාපු jungkook ආයෙම ගේ දොරකඩට ආවේ ආච්චිට සමුදෙන්න........



Jungkook- එහෙනම් අපි යන්නම්. බොහොම ස්තූතියි මෙච්චර කල් මගේ දරුවාව බලාගත්තාට..... අපි යන්නම්......

ආච්චි- හම්ම්. පරිස්සමෙන් යන්න දරුවෝ. හැමදාම සතුටින් ඉන්න...

Jungkook- Jackson ට උන දේට සමාවෙන්න. ම මං......

ආච්චි- ඒවා පරන කතා දරුවෝ. මගේ එකාගෙත් වැරැද්දක් ඇතිනේ ම්ම්..... දැන් පරිස්සමෙන් යන්න.


































කිසිම කතා බහක් නැතුව එයාලා ආපහු Jeon maison එකට ආවා...

වාහනෙන් එලියට බහිනකොට ආජුම්මායි ආජුස්සියි ගෙදරින් එලියට ආවේ චූටීව බලන්න.....


ඒත් වාහනෙන් එලියට බැහැපු අය අතරේ චූටී නැති නිසා වගේම එයාලාගේ මූනු වල සතුටක් නැති නිසා ආජුම්මා ටිකක් කලබල උනා.

Ajumma- ලොකු මහත්තයා කෝ චූටී බේබි?

ඒත් jungkook ගෙන් ඒකට ප්‍රතිචාරයක් හම්බ උනේ නෑ...

ගේ ඇතුලට ගිහිල්ලා සාලෙන් ඉදගත්ත Jungkook , tae ට යමක් ඇස් වලින් කිව්වාම ටේ තමන්ගේ අතේ තියෙන චූටිගේ පෝන් එකෙන් අර වීඩියෝ එක දාලා ආජුම්මාගේ අතට දුන්නේ ආජුස්සිත් ඒකට එබෙද්දී..........


























To be continued ..........................................

ඕන්න ඩබල් අප්ඩේට්.....

ඔයාලා ඉල්ලපු නිසා දුන්නා. වෙලාවත් තිබ්බා......

ඔයාලට jackson ව මතකද?

අර ලීසාට යැව්වේ පාර්සල් කරලා... ආන්න එයාගේ ඔම්මා ලග තමා චූටී හිටියේ මෙච්චර කල්....

ඊලග එකෙන් ඉවරයි.

ඒක ටිකක් පරක්කු වෙයි.

හෙට පෝය නිසා ඇවිදින්න යනෝ.

අනිද්දා පංතියේ දන්සල. ඒකට යනවා......

අනික ඊලග එපිය ලොකු වෙයි ගොඩාක්......

ඒ නිසා ටිකක් පරක්කු වෙයි මම.

ඒකෙන් පස්සේ epilogue එක....

ආජුම්මායි ආජුඅසියි කොහොම react කරයිද?

මං කිව්වානේ චූටිගෙන් යැපෙන්න සලස්සනවා කියලා....

ඕන්න ඒක කරා.....

ඔයාලා මගෙන් happy ending ඉල්ලුවානේ.... හැබැයි චූටිව මරන්න එපා කිව්වේ නෑ ඔයාලා.

ටේකුක් දෙන්නාව මරන්නවත් වෙන් කරන්න වත් එපා කියලා විතරයි කිව්වේ මට ඔයාලා...

සමහර විට චූටිට ආදරේ කරපු අයට මේක සෑඩ් වෙයි.

ඒත් epilogue එකෙන් ඔයාලා ආස දෙයක් දෙන්නම්.....

ටේ ගැන

කුක් ගැන

චූටී ගැන

ආච්චි ගැන

කියාගෙන යම්න......

Love you my little bubbles 💜️💚.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Donde viven las historias. Descúbrelo ahora