<>

නිදිවර්ජිත රැයකින් පස්සේ ජන්ග්කුක් හිටියේ සිහින් නින්දක.. ජිසූ ගේ ගෙදර දි අන්තිමට ජිසූ ගේ ආත්තම්මා කියපු දේවල් නිසා ජන්ග්කුක් ගේ හිත තරමක් නොසන්සුන් වෙලා තිබුණා..

" අපේ මිස්ටර් ඒන්ජල්, එයා ටේහියුන් කිම් තමයි.. "

ජිමින් ගේ අත්තම්මා කියපු වචනත් ඒ වෙනකොට ජන්ග්කුක් ගේ ඔළුව පුරා දෝංකාර දුන්නා.. මුළු රෑම ඒ ගැන හිත හිත හිටපු ජන්ග්කුක් ට එහෙම් ම නින්ද ගියත් ඒක සුවදායි නින්දක් නම් වුණේ නෑ..

ජන්ග්කුක් දැක්කා ටේහියුන් ව.. තමන්ට අත් වනන ගමන් ටේහියුන් එයාගෙන් ඈතකට යනවා.. අඩියෙන් අඩිය ටේහියුන් ජන්ග්කුක් ගෙන් ඈත් වෙනවා.. ජන්ග්කුක් කෑ ගැහුවත් ඒ ගැන ටේහියුන් තැකීමක් කළේ නැහැ..

" කූ පරිස්සමින්.. "

ටේහියුන් මිමිණුවා වුනත් ජන්ග්කුක් ට පැහැදිලි ව ඒ දේ ඇහුනා..

" එපා!!! ටේහියුන්... "

ජන්ග්කුක් කෑ ගහගෙන නැගිටලා වටපිට බැලුවා.. ඒක හීනයක්.. ජන්ග්කුක් දැකපු තවත් එක් බය හිතෙන ජන්ග්කුක් ට අනුව නම් එයාගේ හිත නොසන්සුන් කරන හීනයක්..

" ජන්ග්කුක් මොකද බන් මේ.. "

ඒ ජිමින්.. කාර්යබහුල සති කීපයකට පස්සේ ජිමින් ට නිවාඩුවක් ලැබිලා තිබුණා.. ඒ නිවාඩු ව තමන්ගේ හොඳම යාළුවා ජන්ග්කුක් එක්ක ගත කරන්න හිතාගෙන ජිමින් කලින් දවසේ රෑම පිටත් වුණේ පාන්දර වෙනකොට ගමට ලං වෙන්න හිතාගෙන..

හිතපු විදියට ම ජිමින්ට පුළුවන් වුණා පාන්දර වෙනකොට ගෙදරට එන්න..

" ජිමිනා.. ටේහියුන්.. අනේ ටේහියුන්.. "

" කුක් රිලැක්ස්.. මේ වතුර එක බොන්න.. "

ජිමින් ට තේරුණා ජන්ග්කුක් ඉන්නේ හීනෙන් බය වෙලා කියලා.. ජිමින් වතුර එක දුන්නත් වතුර බොන්න තරම් සන්සුන් බවක් පෙනුනේ ජන්ග්කුක් ළඟ තිබ්බේ නෑ..

" දැන් ම.. ඔව් මේ දැන් ම යන්න ඕන වත්තට.. "

ජන්ග්කුක් ට ඕන වුණා උදෙන්ම වත්තට යන්න.. නෑ එයාගේ ටේහියුන් ව මුණ ගැහෙන්න.. මොකද මේ වෙනකොට ජන්ග්කුක් හිටියේ ප්‍රශ්න ගොඩක පැටලිලා..

 || Mystery of the Miracle Farm || ✓Kde žijí příběhy. Začni objevovat