ගොවිපල ගැන කුතුහලය හිතේ කොනක තියාගෙන ජන්ග්කුක් නින්දට ගිය ජන්ග්කුක් අවදි වුණේ ටිකක් දවල් වෙලා.. අද ඉරිදා දවසක් නිසා ගමේ පල්ලියට යන්න ජන්ග්කුක් වගේම අත්තම්මා ත් ලෑස්ති වුණා.. සුදු අත් දිග කමිසය යට කරපු උස් ඉණක් තියන තද දුඹුරු පැහැති කලිසම ජන්ග්කුක් ගේ කඩවසම් බව වැඩි කරා.. ඒකට ගැලපෙන්න පැලැන්ද දුඹුරු සපත්තු දෙකත් හොඳින් ගැලපුනා..අත්තම්මා ත් එක්කම ගෙදරින් එලියට බැස්ස ජන්ග්කුක් පයින් ම පල්ලියට ගියේ ඒ තරම් දුරක් නැති නිසා..
" ජන්ග්කුක් දෙයියනේ.. මේ ඇදුමට ඔයා මාර හැන්ඩ්සම් .. "
රෝස් කිව්වේ උදෙන්ම ජන්ග්කුක් ටයි අත්තම්මාට යි සුබ පතලා.. ජිසූත් හිටියේ රෝස් එක්ක.. ඒ අයට අමතරව ජන්ග්කුක් ගේ අනික් අලුත් යාළුවොත් ඉරිදා උදෑසන දේව මෙහෙයට සම්බන්ධ වෙලා හිටියා..
හැම කෙනෙක්ම ඇතුලේ ඉදගෙන හිටියේ.. හෙන්රිටත් ඩේව්ටත් මැදින් වාඩි වුණ ජන්ග්කුක් පියතුමා පල්ලියට ඇතුලු වෙනකම් හිටියා.. ජන්ග්කුක් ඒ අතරතුර කාලයේ හිටියේ පල්ලිය අධ්‍යයනය කරන ගමන්.. පල්ලියේ බිත්ති මත ඇඳ තිබුණු පරණ සිතුවම් නිසාත් පල්ලියේ ගෘහ භාණ්ඩ, ප්‍රධාන දේවාසනය බලපු ජන්ග්කුක් තීරණය කරේ මේ පල්ලිය තරමක් පැරණි ගොඩනැගිල්ලක් විය යුතු බවයි..
ඒත් මේ හැමදේම අතරේ එකපාරටම ජන්ග්කුක් ගේ ඇස් නැවතුනේ එක් පුද්ගලයෙක් ලඟ.. හරියටම ජන්ග්කුක් ඉඳගෙන හිටපු තැනට ඈතින් එයා හිටියේ හිටගෙන.. ජේසුතුමා ගේ පිළිරුව ළඟ ඒ ඇස් නතර වෙලා තිබුණා..
කළු පැහැ රැලි ගැහුණු කොණ්ඩය, දිග තොල් , මී පැණි පාට දිලිසෙන හම ඒ තරුණයා සුන්දරයි කියලා ඔප්පු කරා... අත් දිග ලා දුඹුරු පැහැති කමිසයත් එක්ක ඇදලා හිටපු දුඹුරු පැහැ කලිසමත් දැක්කම ජන්ග්කුක් ට මතක් වුණේ මීට ශත වර්ෂ කීපයකට කලින් ජීවත් වුණ තරුණයින් ගේ විලාසිතාවක්...
ජන්ග්කුක් ට ඒ කෙනාට කතා කරන්න ඕන වුණා.. ඒත් තවම ඒ තරුණයා හිටියේ ජේසු තුමන් ගේ පිළිරුව දිහා බලාගෙන.. එතකොට ජන්ග්කුක්, එයාගේ ඇස් ඒ නාදුනන තරුණයා ලඟ නැවතුනා..
YOU ARE READING
|| Mystery of the Miracle Farm || ✓
FanfictionWith your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Published Date:- 2023/04/07 Finished Date :- 2023/06/17 Numbers of parts :- 23 Chapters with disclaimer & main Characters Introduction written...