ඒ අතින් බලද්දී ටේහියුන් ජන්ග්කුක් ට වඩා දක්ශයි...

" ටේහියුන් ඔයත් එනවද මාත් එක්ක ටවුන් එකට යන්න.. ඔයත් ආස ඇති නේ එහෙ බලන්න.. "

ජන්ග්කුක් හිතුවේ ටේහියුන් පුංචි කාලේ ඉඳලම ගමේ ම විතරක් ජීවත් වුණ කෙනෙක් කියලා.. ටේහියුන් ගේ හැසිරීම තමයි ඒකටත් හේතුව වුණේ.. ටේහියුන් ගෙන් ඒ ගැන අහන්න ඕන වුණත් තමන්ගේ පවුලේ අය ගැන වත් විස්තර කියන්න අකැමැති වුණ ටේහියුන් ඒ ගැනත් නොකියයි කියලා ජන්ග්කුක් ට හිතුනා..

" මං එහෙ ගිහින් තියෙනවා කූ.. නගරේ හරිම ලස්සනයි.. මට තවම මතකයි ඒ අවන්හල්.. ම්ම් ඒ කෑම වල රස.. "

ටේහියුන් උඩ පැන පැන කිව්වේ පරණ මතකයන් ආයෙමත් මතක් කරන ගමන්.. එයාට මතකයි ජෝර්ජ් ජින් එක්ක නගරයේ ගත කරපු ඒ සුන්දර මතක.. හැමදාම ජෝර්ජ් ගෙන් හම්බවෙන කෑම වේල, ජින් ගෙන් හම්බ වෙන අලුත් ඇදුම්, මේ දේවල් ටේහියුන් ට තවම මතකයි...

" ඔව් ටේහියුන්.. මට මැක්ඩොනල්ඩ් එක මතක් වෙනවා.. ම්ම්..  ඇයි දෙවියනේ ස්ටාර්බග් එක.. අයි මිස් මයි අයිස් ලැටේස්.. "

ජන්ග්කුක් නහය පිහ පිහ කියනකොට ටේහියුන් ඇස් පිල්ලම් එක දිගට ගහලා ජන්ග්කුක් දිහා බැලුවා..

" ඒ මොනවද ඒ.. කොහෙද ඒ අවන්හල් තියෙන්නේ.."

ටේහියුන් කියනකොට ජන්ග්කුක් බැලුවේ පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ පුදුමෙන්..

මොනවද මේ ටේහියුන් කියවන්නේ.. ස්ටාර්බග්, මැක්ඩොනල්ඩ් ගැන දන්නේ නැහැ කියන්නේ ඇත්තටම පිටසක්වලින් ම එන්න ඕන..

" ඔහ් කමෝන්, ආ යූ කිඩින් මී.. ඔයා ඒ ගැන දන්නේ නෑ කියලා කියන්න එපා.. "

" මං ඇත්තටම දන්නේ නෑ ජන්ග්කුක්.. "

ජන්ග්කුක් සාක්කුවෙන් එයාගේ දුරකථනය අරගෙන ඉක්මණින් පිංතූරයක් අරගෙන ටේහියුන් ට පෙන්නුවා..

" මේ මම මේක ගත්තේ මීට මාස දෙකකට කලින්.. මේ තැනට ඔයා ඇත්තටම ගිහින් නැද්ද.. "

" හරි... ඒක නෙවෙයි කූ.. මෙතන ඉන්න මේ ගෑනු ලමයා කවුද.. "

ජන්ග්කුක් ස්ටාර් බග් එක ලඟින් ඉදගෙන දවසක් ගහපු පිංතූරයක් පෙන්නුවා.. ඒත් ටේහියුන් ගේ අවධානය ඒ තැනට වෙනුවට එතන හිටපු ජන්ග්කුක් ගේ පරීක්ෂණාගාර සහයිකාව වුන ඇනාට ලැබුන ම ජන්ග්කුක් ට ටිකක් තරහ ගියා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now