●○ 5 ●○

1.5K 320 44
                                    


Yugan's pov


" ඒ නැගිටිනවා.....අද යන්නෙ නැද්ද...."

" ම්හුක්.....මට බෑ......"

" උඹ අරූට අහුවෙයි කියලා පණ බයේ.... යසයි පණ්ඩිත වැඩ කරන්න යනවට... තමුසෙගෙත් කයිය විතරනෙ...තව පොඩ්ඩෙන් අතන බඩ යනවා...."

" අයියෝ....හ් යනවකෝ......"

රොකීගෙන් හැංගෙන්න ඕනි කමට නැවතුන දිනෙත් කොට්ටෙකිනුත් ගහලා මාව එලවන ගමන් පොරෝනෙ අස්සට රිංග ගත්තා. වෙලාවකට හිතෙනවා මූව ඇදන් ගිහින් අරූට දීලා එන්න....බක පණ්ඩිතයා....

කොච්චර වුණත් කන්න හදාගන්න කම්මැලි දිනෙත් මන් බෑග් එකත් එල්ලන් දොර ළඟට යනවත් එක්ක තලගොයා වගේ ආයෙත් බෙල්ල එලියට දැම්මා....

" මේහ්.....කන්න මොනවද හැදුවෙ...."

" කන්න.......කන්න....තියෙනවා නියඟලා හොදියි නයි බිත්තරයි....."

"...ඉව්වෙ නැද්ද...බන්....."

"නෑ... අද මන් කැම්පස් එකෙන්ම කනවා.... මන් තමුසෙගෙ ගෑනි නෙමෙයිනෙ බත් තම්බ තම්බ දෙන්න....උයාගෙන කනවා...."

" අම්මෝ....අම්මෝ....උඹ මගෙ ගෑනි වුණානම්....මන් මෙලහකට එවරස්ට් වලින් බිමට පැනලා....පැනපු තැන ගසුත් පැලවෙලා...."

උදේ කෑම නැති වලිය ඇදිලා යද්දි බෙඩ්ශීට් එකත් ඔලුවෙ ඉදන් පෙරෝගෙන කැස්පර් භූතයා වගේ හැමතැනම ඇවිද්ද දිනෙත් මාවත් අනිප්පාර එලියට තල්ලු කරලා දොර වහ ගත්තා....

හරි හරි අපි බලාගමුකො....දිනා...මන් රොකීට උබෙ ඇඩ්‍රස් එක දීලා තවුසෙගෙ
ඇඩ්‍රස් නැතිකරනවා....


පරම මිත්‍රත්වය දොර ගාව හලලා දාලා මන් බස් එකට දිව්වෙ හැමදාම පරක්කු වෙලා අර බඩ තඩියගෙන් පංති තහනමක්වත් වැටෙයි කියන බයට.... හැබැයි විනාඩියක් පරක්කු වුණත් වෙනදට වැහෙන හෝල් එකේ දොරවල් අද ඇරිලා....කට්ටියගෙත් කිසි කලබලයක් නෑ
හ්ම්ම්......පැහැදිලි වෙනසක්.....මම ඉඩ තිබුන තැනක් හොයන් පුටු පේලි අස්සෙන් රිංගද්දි අර බොබ්කට් කපපු චීන ඩයල් එක තනියම පේලියක....ජාති භේද අමතක කරලා මාත් එයාට එහා පැත්තෙන් ඉදගත්තා.

ආල අඩව්ව  [කලු කුමාර  2 ] ✔️Where stories live. Discover now