" කෝ මෙයා.. මොකෝ දන්නේ නෑ පරක්කු.. "

නලල අත්ලින් පිහදාලා ජන්ග්කුක් මිමිණුවා..

තවම ටේහියුන් නැති නිසා ජන්ග්කුක් හිටියේ අවුල් වෙලා.. සාමාන්‍යයෙන් කවදාවත් ටේහියුන් මෙහෙම නෑ.. එයාට එන්න වෙන්නේ නැත්තම් ඊට කලින් දවසේ ජන්ග්කුක් ට කියනවා..

පොඩ්ඩක් ඉන්න.. ඒක කියන්නත් ජන්ග්කුක් ට කලින් දවසේ ටේහියුන් ව හම්බ වෙන්න ඕනනේ..

" ජන්ග්කුක්.. "

යාන්තමින් මිමිණුමක් වගේ හඬක් ඇහුන නිසා ජන්ග්කුක් ඔළුව උස්සලා බැලුවා..

ටේහියුන් එතන හිටියා ඒත් වෙනදා එයාගේ මූණේ තිබ්බ නැවුම් හිනාව නම් පේන්න තිබ්බේ නෑ.. ජන්ග්කුක් ට ඒක ප්‍රශ්නයක් වුණා..

" ඔහ් ටේහියුන් ඒත් මං බැලුවා මොකෝ මේ පරක්කු කියලා.. "

ටේහියුන් කරේ හිනා වුණ එක විතරයි.. මුකුත් ම නොකියා පැත්තකින් වාඩි වුණ ටේහියුන් දිහා ජන්ග්කුක් බලාගෙන හිටියේ පුදුමෙන්..

" ටේහියුන් ඔයා හොඳින් ද "

වෙනදට වැඩි කතා නැති ජන්ග්කුක් අද කතා කරා.. ටේහියුන් කරේ ඔළුව වනපු එක විතරයි..

" ඊයේ ඔයත් එක්ක ආව ගෑනු ලමයා කවුද ජන්ග්කුක්.. "

" මාත් එක්ක ඊයේ.ආහ් ඒ රෝස් ටේහියුන්... "

ටේහියුන් අහද්දි ජන්ග්කුක් කිව්වා..

" ආහ් හ්ම්.. "

ටේහියුන් කියලා ගිහින් විලෝ ගහ යටින් වාඩි වෙලා හිටියා.. ටේහියුන් අවුලෙන් ඉන්නේ කියලා ජන්ග්කුක් ට තේරුණා.. ටික වෙලාවක් වැඩ කරපු ජන්ග්කුක් හෙමිහිට ගිහින් ටේහියුන්ට එහා පැත්තෙන් වාඩි වුණා..

" මොකෝ අවුලෙන්.. "

" මුකුත් නෑ.. නිකං ජන්ග්කුක්.. "

" බොරු කියන්න එපා ටේහියුන්.. "

ජන්ග්කුක් ටේහියුන් දෙන්නා එක ලඟ වාඩි වෙලා හිටියත් දෙන්නම හිටියෙ ඉස්සරහ බලාගෙන..

" මං ඊයෙ අර ගර්ල් එක්ක ආව නිසා ද "

ජන්ග්කුක් කියනකොට ටේහියුන් ගැස්සිලා ඉක්මනට ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් තවමත් ඉස්සරහ බලාගෙන..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now