48 . Do You Like Me ?.

Depuis le début
                                    

" එහෙ..ම එකක් නෑ Hyung " Jimin බයෙන් Yoongi ගෙ පිටට තට්ටුවක් දැම්මා.

" ඇත්තමද ? ඒක බොළද නැද්ද ? " Yoongi එහෙම ඇහුවාම Jimin හිනා වෙලා ආයෙම බයට හිනාව නවත්තගත්තා.

" ඇයි , ඇයි හිනාව නැවැත්තුවෙ ? මන් ඒකට ආසයි , ඔයාගෙ හිනාවට " Yoongi එහෙම කිව්වාම Jimin රතු උනා.

ඇත්තටම Jimin ආසයි එයාව වර්ණනා කරනවාට. එත් මේ ඉන්නෙ එයාගෙ Mate එයා වර්ණනා කරනකොට Jimin ට ඔක්කොටම වඩා සතුටුයි.

" Jimin අහන්න " Jimin ඔලුව පහත් කරන් හිටිය නිසා Yoongi එහෙම කිව්වා.

" ඔව් කියන්න " Jimin Yoongi ගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වා.

" ඔයා කැමතිද මාත් එක්ක ඉන්න ? මගෙ Mate විදියට , මට ආදරෙ කරන්න ඔයා කැමතිද ? " Yoongi ඇස් වල බලාපොරොත්තු සහිතව එහෙම ඇහුවාම Jimin පුදුම උනා.

ඇත්තටම Jimin පොඩි කාලෙ ඉදන්ම අහන්න ආසාවෙන් හිටිය දෙයක්. එයාට හිතාගන්නවාත් බැරි උනා Yoongi මෙහෙම ඇහුවාම. අනික එයාට පුලුවන් Yoongi ව එයාගෙ පණ වගෙ බලාගන්න.. ඒ තරම් ආදරයක් Yoongi ගැන Jimin ගෙ හිතෙ තිබ්බා.

" H..hyung ? " Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම ඇහුවාම Yoongi කලබල උනා.

" අනෙ Jimin මන් අඩන්න දෙයක් කිව්වාද ? ඇත්තටම සමාවෙන්න එහෙම දෙයක් කිව්වානම්. මට , මට තේරෙන්නෙ නෑ ඒක අහන්න මන් කියන්නෙ මේ ආදරෙයි ද කියලා ඔව් ඒක තමා .. " Yoongi කලබලෙන් එහෙම කිව්වාම Jimin කදුලු පුරවන් හිනා උනා.

" මෝඩයෝ~~ අහ් සමාවෙන්න " Jimin එකපාරටම ඔලුව නවන් එහෙම කිව්වාම Yoongi ඇස් හිනී කරා.

" ඒකට කමක් නෑ. ඔයා මගෙ Mate " Yoongi එහෙම කිව්වාම Jimin හිනා වීගෙන ඔලුව වැනුවා.

" මන් කියන්න හැදුවේ ඒක අව්ලක් නෑ ඔයා කිව්ව විදිහ. මට කදුලු පිරුනෙ සතුටට " Jimin හිනා වීගෙන එහෙම කිව්වා..

" යාහ්.. මන් බය උනා මන් හිතුවා ඒක මන් අහපු විදිහ අව්ල් කියලා " Yoongi එහෙම කිව්වාම Jimin හිනා උනා.

" එහෙම එකක් නෑ ඇත්තටම " Jimin හිනාව පාලනය කරගන්න ගමන් එහෙම කිව්වා.

" හරි මට දැන් කියන්නකො ඔයා ඒකට කැමතිද ? " Yoongi ආයෙම එහෙම ඇහුවාම Jimin හිනා උනා.

𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.Où les histoires vivent. Découvrez maintenant