විසිනව වන දිගහැරුම

Start from the beginning
                                    

මගෙ කටින් පිටවුණේ තනිකරම මේඝගෙ කටහඬ එයාගෙ වචන.

" උඹ කරන්නෙ වැරද්දක්......"

" කුමාරයාව ආරක්ෂා කරන එකද වැරැද්ද....

" ආරක්ෂා කරන මුවාවෙන් උඹ කලේ අයුතු ප්‍රයෝජන ගත්ත එක. "

" මන් කලේ ආදරේ කරපු එක....."

" හහ්...ආදරේ....යක්කු කවද්ද ආදරේ කලේ...අපි ඉන්නෙ මිනිස්සුන්ව භය කරන්නයි ලෙඩ කරන්නයි...."

" ශිව පාර්වතීට ආදරේ කලා...ක්‍රිෂ්ණා රාධාට ආදරේ කලා....මුරුගා වල්ලිට ආදරේ කලා
දෙවියන්ටත් පුලුවන්නම් මිනිස්සුන්ටත් පුලුවන්නම් යක්කුන්ට විතරක් ඇයි ආදරේ අකැප...."

" එහෙනම් ඔප්පු කරපන්... කුමාරය වෙනුවෙන් උඹ ළඟ තියෙන ආදරේ...."

දෙදරුම්කන වියරු හිනා හඬත් එක්ක රුද්‍රාක්ෂ අතින් විසිවුණ දෙයක් මාව ඉලක්ක කරලා වදිද්දි ඇස් පිය ගහන වේගෙට මගෙ අයින් වුණ මේඝ මට ඉස්සරහයින් හිට ගත්තා.

ඒක වෙන්න ගියේ තත්පර ගානයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක වෙන්න ගියේ තත්පර ගානයි....ඇහිපිය ගහන වේගෙට මේඝගෙ අතේ තිබුන කඩුව රුද්‍රාක්ෂගෙ පපුකුහරෙට කිදා බහිද්දි ඒ ආත්මෙ ගින්නකින් විලාප තියාගෙන ඇවිලෙන්න ගත්තා.



" මේඝ...හ් "

එකපාරම මන් ඉස්සරහ දනින් වැටුන මේඝ පපුව අල්ල ගනිද්දි මන් වැටි වැටිම එයා ළඟට දිව්වා.

" දෙවියනේ....මේඝ...! ඇයි.. ඇයි මාව බේරගන්න ඉස්සරහට ආවෙ....."

" ම...මන් හොඳින් ඔයා යන්න....යන්න මෙහෙන්...."

රුද්‍රාක්ෂ මට එවපු කිනිස්ස හරියටම එයාගෙ හදවත පසාරු කරගෙන ගිහින්
තියෙද්දි දම්පාටට හුරු උණු ලේ ඇග දිගේ ගියා. මට කිනිස්සෙන් ඇන්නා හා සමානව රිදෙන්න ගද්දි එයාට මොනව හරි වෙයි කියන බයටම මාව වෙව්ලන්න ගත්තා.

කලු කුමාර ✔️Where stories live. Discover now