මරකත ලෝචන 💚 - 14

171 34 14
                                    


*අද කොටස නම් තවමත් ලියවෙන්නේ අප්‍රේල් 13 දිනය ගැනයි.

"අනූ..ප්,"

නමුත් මම මිමිණුවෙමි ඔහුගේ නාමය.

"අනූප්?"

තමන්ගේ නාමයම ප්‍රතිරාවය කරමින් ඔහු නැවත වතාවක් සිනාසුණේය.

ඒ සිනාව මුළුල්ලේම පැවතියේ සමච්චලයකි.

"තාමත් උඹට තේරුණේ නැද්ද කෙල්ලේ?"

ඔහු නැවත වතාවක් මාගෙන් විමසුවේ ඒ මරකත ලෝචනයන්ගේ බැල්මවල් මා වෙතට විහිදවිමිනි.

"මෙතන ඇති අනූපයෙක් නෑ!"

මාගේ පුටුවේ දෙපැත්තෙහි අත් රදවනයෙන් දෙඅත් තියාගත් අනූප්.. එලෙස පැවසුවේ මාගේ දෙනෙත් දෙස ඍජුව බලමිනි. ඒ දෙනෙත් හි දක්වන ලැබුණේ අමුතුම උමතු බවකි.

"මොනාද තමුන් කියවන්නේ..? අනූප්... ක්..කෝ.... එයා..

එ..එඑයා.. නෙවෙ..යි... නම්... තමු සේ... කවුද...?"

මේ පවසන කිසිවක් මා හට වටහාගත නොහැක.

එමෙන්ම ඒ මරකත ලෝචනයන් අඳුරු කතාවක මුල්ලක මා අතරමං කරයි.

ඉතිං හදවත මහා හඩින් ගැහෙයි.

බියෙන් ගැහෙයි.

"අනූප් කොහෙද කියනවා!

මොනාද මේ වෙන්නේ කියනවා!!

ඇයි මාව ගැටගහලා තියෙන්නේ!???

තමුසේ කවුද????"

මම මාගේ දෑත් ගලවා ගැනීමට අසීරු වෑයමක් යොදමින් කෑ ගැසුවෙමි.

කඳුළු බිඳු වේගයෙන් මා දෙකොපුල් තෙමමින් ඇද හැලේ.

මේ සිදුවන්නේ කුමක් වුවත් එය යහපත් දෙයක් නොවන බව නම් මම හොඳින්ම දනිමි.

"අනූප්... අනූප්... අනූප්.... හහ් හහ් හහ් හහ් හහ් හහ් හා...."

ඉතිං නැවතත් ඒ සිනාවයි මා සිත කෝප ගන්වන්නේ.

"බේරුෆ්..., හැමදේම හරිද?!"

එක්වරම ඇසුණේ මා කන් කීරිගස්වන ආකාරයේ හඩකි.

ඒ නම් මා හොඳින්ම හදුනන හඩකි.

මාගේ දෙනෙත් ඒ රුව දෙසට ඇදුණි.

Marakatha Lochana | මරකත ලෝචන | [COMPLETED]Waar verhalen tot leven komen. Ontdek het nu