02. සෙ නෝ රී ටා

Start from the beginning
                                    

මට දීපු රූම් එකේ කී එකත් අරගෙන මන් රූම් එක හොයා ගෙන ඇතුලට ගියා…..

"""ආහ්හ් තාම ඇවිත් නෑ නේ. ඒකත් හොදයී….😏😏😏 මට ඕනී බෙඩ් එක තෝර ගන්න පුලුවන්…."""

මම ඔක්කොම ඇදුම් ටිකත් එතන තිබුනු කබඩ් එකට දාලා බාත් රූම් එකෙන් බ්‍රශ් එක ෆේස් වොශ් එක තව තිබුනු ඔක්කෝම ක්‍රීම් ටික තියලා වින්ඩෝව් එක ලග තියෙන බෙඩ් එකට ඇවිත් ඒකට පැන්නා…..

"""ෆයිනලි වින්ඩොව් එක ලග බෙඩ් එක මගේ….😍😍😍"""

එහෙම ටික වෙලාවක් ඉන්න කොට මට නින්ද ගිහින්…..කවුරු හරි ඩෝ එක අරින සද්දේ ඇහිලා මන් ගැස්සිලා වගේ ඇහැරුනා…..

"""ම්ම්ම්….. සුර දූතයෙක්ද අනේ මේ….😯😯😯"""

මන් ලාවට බොද වෙලා පේන ඇස් වලින් බලාගෙනම් මන් ඒම හිතුවා…. මන් ඇස් දෙකත් ඇගිලි වලින් පිහිදාන ගමන් උවමනාවෙන් ආපු කෙනා දිහා බැලුවා….

"""කව්ද යකෝ මේ….🙄🙄🙄🙄 මන් මගේ ජීවිතේට මූව දැකලා නෑනේ….සීනීයර් කෙනෙක් නම් මන් දැනගෙන ඉන්න ඕනී නේ….🤔🤔🤔🤔""

මන් එහෙම හිත හිතා අරූගේ දිහා බලාගෙන ඉන්නකොට ඒ අයියා මගේ ලගටම ආවා…..

"""පොඩ්ඩක් නැගිටින්නවද?…😐😐😐"""

ඒ අයියා ඒම කිව්වා විතරයි මන් නැගිට්ටා නෙවෙයී මට නැගිටුනා….

"""හා… හා…හායී… ආ…යියේ….😧😧😧"""

මන් කියන්න ගියපු එක ගොත ගැහුනා….

"""තියෙන ඒවා අරගෙන ඔහොමම අර අනිත් බෙඩ් එකට යන්න…...😐😐😐"""

ඌ එහෙම කිව්වා විතරයි යන එක කෙසේ වෙතත් මන් අනිත් ඇද උඩ වාඩි වෙලා හිටියේ…..අර අයියා පොඩ්ඩක් වට පිට බලලා මන් නිදාගෙන හිටපු බෙඩ් එකේ ශීට් එක ඇදලා අරගෙන බැල්කනි එකේ තිබුනු ඩස්පින් එකට දාන්න හැදුවා,

"""හෝව්ව්… හෝව්ව් අයියේ….😲😲😲 ඕක මගේ ශීට් එක… විසික් කරන්න එපා….""

මන් ඒම කියාගෙන ඌ ලගට යනකොට ශීට් එක උඩින් ගිහින් මගේ බෙඩ් එකට වැටුනා……මමත් බෙඩ් එක උඩින් වාඩි වෙලා බිත්තියට හේත්තුවක් දාගෙන බලන් හිටියේ මොකක්ද වෙන්නේ කියලා…..

"""ඈහ්හ්හ්…🙄🙄🙄 කොහෙන් කඩාපාත් උනු එකෙක්ද යකෝ මේ….😧😧😧 ලස්සන උනාට මොකද පට්ට නපුරු පාටයී…. දැක්කත් බය හිතෙනවා….යකෝ ඉස්සරින් වගේ වෙන එකෙක් මට අරහෙම කරා නම් දැන් වෙනකොට දහ අට සන්නියේ අන්තිම ටික යන්නේ….😯😯😯"""

මන් තනියමම හිත හිතා බලන් හිටියේ අරූ කරන දේවල් දිහා….. මුලු රූම් එකම ඌට ඕනී විදියට වෙනස් කරනවා…. ටේබල් එක,බෙඩ් එක හැම දේම වෙනස් කරා…..

"""ම්ම්ම්….😟😟😟 යකෝ මූ හිතන්නේ මේ ඇකඩමි එකේ අයිතිකාරයා කියලද දන්නේ නෑ…. ඌට ඕනී ඕනී විදියට හැමදේම කරන්නේ…..😒😒😒 අනික මන් මොකෝ මේ මොකාද එකා වගේ මෙතනට වෙලා බකන් නිලන් ඉන්නේ….😖😖😖 දෙකක් කියෙව්ව නම් හරී…."""

"""නෑ එක්කෝ ඕනී නෑ….🙄🙄🙄 පලවෙනිම දවසේ වලියක් ඇද ගන්න බෑනේ….😯😯😯 මට කරදරයක් උනෙත් නැහැ නේ ඉතින්….😐😐😐"""

මන් ඒම හිතලා මුගේ මේ විකාර බලන් ඉන්න බැරි නිසා අර ඩයරි එක ගත්තේ කියවන්න කියලා……ඒක් අතට අරගෙන පිටු ටික පෙරලුවා විතරයි අර මහා ලෙඩා කන දෙවනත් වෙන්න දැම්මා ඉන්ග්‍රීසී කුනුහරුප සෝන්ග් එකක්…..

"""ලස්සන නම් තීනවා ඕනවටටත් වඩා….😣😣😣 ඒත් කිසිම හැදියාවක් නෑ…."""

මන් ඩයරියත් අරගෙන රූම් එකෙන් එලියට ගිහින් ටික දුරක් යනකොට අර සද්දෙත් නැතිව ගියා…..

""ඈහ්හ් අරූ අර සද්දෙට සිංදු දැම්මේ මාව එලව ගන්නද….🤔🤔🤔🤔 මල විකාර…."""

❤❤❤❤❤❤ විරාමයක්.❤❤❤❤❤❤❤❤

සෙනෝරීටා ( සිංහල BL - Sinhala BL ) Complete Where stories live. Discover now