අවුරුදු තෑග්ග - 01 කොටස

830 84 27
                                    

කඩිගුලක් ඇවිස්සුනා වගේ ටවුන් එක පුරාම ඉන්න මිනිස්සු දැක්කාම චෙරන්ට එපා උනා... හරියට හෙට ලෝක විනාසේ වෙනවා හරි අදින් පස්සේ කඩවල් වල බඩු නැති වෙනවා හරි වගේ සෙනග බඩු ගන්නේ... ඉතින් චෙරනුයි දේවකයි දෙන්නා පොඩ්ඩක් ලොක්කට කන්කෙදිරි ගාලා කලින් පැන ගත්තේ පොඩි ශොපින් පාරක් දාන්න කියලා... ඒත් සෙනග දැක්කාම දෙන්නටම එපා උනා...

"මොකෝ බන් කරන්නේ... ඉක්මනට යමන්.... පරක්කු වෙනවා... අපේ ගෑනිගේ මේ ලිස්ට් එකේ හැටියට මම හිතන්නේ රෑ දොලහවත් වෙයි මේ සෙනග අතරේ තෙරපිලා බඩුටික ගන්න....."

දේවක පර්ස් එක ඇතුලේ දාගේන ආපු බඩු ලිස්ට් එක එලියට අරගෙන නලල ඇගිලි තුඩු වලින් තදකරගෙන කිව්වා...

"අනේ මේ වැඩිය පරක්කු වෙන්න බෑ... මටත් අප්පච්චිගෙන් බැනුම් අහන්න වෙනවා... අවුරුදු උනාට ගෙදර කිසි වැඩක් කරලා නෑ...."

"අයියෝ.. දැන් අවුරුදු විසි පහ පැනපු කොල්ලෙක් නේද මේ... බෑ කියන්න බෑ ඔන්න... දාහත කට්ටිය සෙට් වෙන්න දාගෙන තියෙන්නේ... "

"අම්මෝ මේ... සොරි බන් අම්මාගේ පැත්තේ පරම්පරාවම එනවා... මම ගෙදර හිටියේ නැත්නම් නැති ඇද කුදත් එක්ක අපේ අම්මාගේ කන් වලට පුරවලා යයි...."

"උඹ හිතන් ඉන්නේ උඹට තාම පහලවයි හරි දාසයයි හරි කියලද..."

"මම කොච්චර වයසට ගියත් එයාට මම තාමත් එයාලගේ පොඩි එකානේ...."

"හරි... මේ පාර අවුරුද්දටවත් වයිෆුයි බබලා දෙන්‍නයි එක්ක එන්නද උඹලාගේ ගෙදර... "

"මේ.... මචං ඇත්තටම..."

"මට පුදුම කෙන්තියක් එන්නේ උඹත් එක්ක බන්..."

"පුලුවන් නම් මට සමාව දියන්...."

"අනේ මන්දා බන්... උඹ නම් පුදුම මිනිහෙක්... හරි හරි අකමැති නම් බලෙන් ගෙවල් වලට එන්න බෑනේ... "

"සොරි බන්...."

"සොරි නෙවේ... ඒකටත් හරියන්න අර උඹලාගේ අම්මා හදන කොන්ඩ කැවුම් ටිකක් ඕනේ..."

"අන්න එහෙම වරෙන්.... දෙන්නම්කෝ ඇති වෙන්න කොන්ඩ කැවුම් හදලා... තව මොනාද ඕනේ..."

"මුකුත් එපා... අපිව ගෙදරකටවත් එන්න කියන්නේ නැති මිනිස්සුන්ගෙන් මොනවත්ම එපා....."

Gay Short-Story CollectionWhere stories live. Discover now