5. සැලසුම 🍃

Start from the beginning
                                    

චන්ද්‍ර යනු පියාගේ පස නැගණියගේ දරුවෙක් නිසා භානුගෙ මව්පිය යුවල නිතරම භානුට චන්ද්‍ර හා මිත්‍ර විමට බල කළහ.. නමුත් චන්ද්‍රගෙ කටකමසෙය්යාවක් නැති චරිත ස්වබාවයත් නිතරම දගලන සුළු ස්වබාවයත් නිසා භානුට චන්ද්‍රව වහ කදුරුය.

නමුත් දැන් ඔහු තමාගේ වහල යටම සිටින නිසා ඔහුගේ මෙ විහිලු ගති පැවතුම් ගැලපෙන ලෙස කප්පාදු කල යුතු යැය් භානුට සිතුනේය

සුපුරුදු ලෙස රෑ බෝ වී නිවසට පැමිනි භානුට පියාත් මවත් මුළුතැන්ගෙයෙහි සිටින බව ඇසුනේය. "පුංචි කරදරකරයාත්" එතනම ඇති යැය් උපකල්පනය කල ඔහු  ඔවුනට නැසෙන ලෙස සෙමෙන් සෙමෙන් එළියක්‌ නොතිබූ අදුරේ මැටි බිත්ති අතපත ගාමින් ඔහුගේ කුටිය කරා යන්නට ගියද අසල තිබු පිත්තල හෙප්පුවේ කකුල වැදිනී..

"ආව්ව්ව් අම්මේ "  වේදනාවට භානුට කෑ ගැසුනේය.
මෙ කලබල නිසා මුළුතැන් ගෙයි තුන්කට්ටුවට භානු පැමිනි බව දැනිනි.

"මොකද පුතේ වෙලා තියෙන්නේ " පුංචි මැණිකා මුළුතැන් ගෙයි සිට කෑගැවාය.

"කොල්ලෝ මෙහෙට වරෙන් " කරෝලිස් අප්පුහාමි කිවේය..

භානු මෙ කැ ගැසීම නිසා මුළුතැන් ගෙට ගියේය.. සුපුරුදු පරිදි කරෝලිස් අප්පුහාමි කුඩා පෙට්ටගම මතද පුංච් මැණිකා ලිප ලග ආහාර පිසිමින්ද චන්ද්‍ර වංගෙඩි කොටය මත වකුටු වී ගෙනද සිටියේය.

"මොකද කොල්ලෝ උනේ " පුංචි මැණිකා විමසුවාය.

"නැ අම්මේ කකුල හෙප්පුවේ වැදුනා එච්චරයි" භානු ගණනකට නොගෙන කීවද තවමත් ඔහුගේ සුලගිල්ල රිදුම් දුන්නේය.

"භානු උබ යන දේවාලෙක මෙ කොල්ලවත් ඇන්න පල.. එකාව තනි කරන්න එපා.. අද දවසම ඌ අම්මා එක්ක හිටියේ හෙටවත් යන තැනක අරන් පල " කරෝලිස් අප්පුහාමි කිවේය.

භානු කිසිවක්ම නොකියා කරෝලිස් අප්පුහාමි අසලම පෙට්ටගම මත වාඩි විය.ඔහුගේ සිතේ පැවතුනේ අනිද්දා ඔහු විසින් සිදු කරන්නට  යන සැලසුම සාර්ථක කර ගැනීමයි.. වල් ඌරෙක් මෙන් වංගෙඩිය මත හිදගෙන බත් ගිලින චන්ද්‍ර දෙස රවාගෙන බලා සිටි භානුට ඔහුගේ වම් ඇසේ අග තුවාල කැළල පෙනිනි.. එය චන්ද්‍රගෙ මුහුණට වඩා අලංකාරයක් ගෙන ආවත් චන්ද්‍ර අලංකාර බව පිළිගැනීමට භානුට සිත් නොදුනි..ලිපේ ගින්දර ආලෝකයට දිලෙන චන්ද්‍රගෙ උරස්තියේ කොටසක් ආලෝකවත් කල අතර අනික් කොටස ඔහුගේම හෙවනැල්ලට අදුරු වී තිබිණි. බත් පිගාන අතින් ඔසවා සිටි නිසාදෝ උරස්තිය වඩා කැපී පෙනෙන ආකාරය භානු බලා සිටියේය. භානු කළාකාරයෙක් වන බැවින් ඔහුට බොහෝ දේවල් දෙස කලාකාමී ලෙස බැලීමෙ දැසක් හිමි වී තිබිණි. නමුත් මෙ අවස්ථවේ එ කලාකාමීකම් අනවශ්‍ය බව විකාර සිතිවිලි නගන තම සිතටම තරයේ අවවාද කළේය.

චන්ද්‍ර~භානු🍃(completed)Where stories live. Discover now