මරකත ලෝචන 💚 - 10

129 28 5
                                    

උදෑසන පිබිදුනේ සිහිනයෙන් මෙනි.

මම තවමත් සෝෆාවේ වැතිරී සිටියෙමි.

ඉක්මනින්ම පරීක්ෂා කළේ මාගේ ජංගම දුරකතනයයි.

'අප්‍රේල් 10 වැනිදා,
උදෑසන 9.53'

ජංගම දුරකතනයේ අඟුළු තිරයේ එලෙස සටහන් විය.

අනූප්ගෙන් ඉඟියක් හෝ ලැබී ඇත් දැ යි සිතමින් සිත කකියයි.

නමුත් නැත.

එකදු පණිවිඩයක්වත් ඔහුගෙන් හෝ අන් කිසිවෙකුගෙන් ලැබී නොමැත.

මම නැවත වතාවක් ඔහුට ඇමතුමක් ගත්තත් පිළිතුරක් නොමැත.

"ඔය නෝනා මෙතනැයි රෑ ගත කළේ?"

එක්වරම ඇසුණේ සුමනම්මාගේ හඩයි.

නමුත් ඉතා දයාබරවයි.

මම යාන්තමට සිනාසී ඇය දෙසට හැරී හිස සැලුවෙමි.

"අනේ ඉතිං සුදු මහත්තයා එනකං ද ඔය තරම් බලා ඉන්නේ? ඇඟ සුට්ටක් සෝදං පිරිසිදු වුණා නම් ඩිංගක්... මහත්තයා එනවත් ඇති දැන් නම්.. ඔහොම තමයි ඉතිං ඔය රස්සාවේ හැටි නොවැ.. දොස්තර මහත්තයෙක් කියන්නේ නිකංවැයි..."

සුමනම්මාගේ වදන් නැවත වතාවක් ඔහු රාජකාරී බහුල පුද්ගලයෙක් බව මා හට මතක් කළේය.

ඉතිං මම හිමින් සීරුවේ නැගී සිටියෙමි.

මාගේ කුටියට වැදී හිතේ හැටියට නා ගත්තෙමි.

අනූප්ගේ පැමිණීම පොරොත්තුවෙන් විසිත්ත කාමරයට පිවිසුණෙමි.

මා විසිත්ත කාමරයට ඇතුළු වූ මොහොතේම එක්වරම ප්‍රධාන දොරටුවෙන් මතුවූයේ අනූප් ය.

"අනේ..."

බලාපොරොත්තු වූ රුව දැකීම හේතුවෙන් සිතට දැනුනේ සුමිහිරි සතුටකි.

වේගයෙන් ඔහු වෙත දිව ගිය මා ඔහුගේ පපුව මාගේ අයිතියට අරගත්තේ ඔහුව තදින්ම වැළඳගෙනයි.

මේ තරම් තදින් ඔහුට තුරුළු වූවා ම යි.

ඉතිං මම දැන් ඔහුට ලෝභයි.

අතිශයින්ම ඒ උණුසුම ප්‍රිය කරමි.

මම ඔහුගේ පපුවට තුරුළුව බර හුස්මක් ඉහළට ඇද්දේ ඒ සුවඳින් පපුව පුරවාගැනීමටයි.

මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now