මරකත ලෝචන 💚 - 05

150 30 0
                                    

'අප්‍රේල් 05 බදාදා දින, පෙ.ව. 8.30
අක්කේ, ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ මේ සතියේ. අවුරුදු නිවාඩුවට කලින්'

මාගේ ජංගම දුරකතනයට උදේම ලැබී තිබුණු පණිවිඩය මම නැවත නැවත කියෙව්වෙමි. එය එවා තිබුණේ චූටී විසිනි. එනම් මගේ නැගණියයි.

මම නියපොතු කමින් කල්පනා කළේ කෙලෙස, කොහොම මුදල් සොයන්නටදැයි කියායි. එක් පංතියක් නම් කම් නැත. නමුත් ඇයගේ අමතර පංති කීපයක් සඳහාම මා මුදල් සෙවිය යුතුය.

"දිනූ.., ඔයා මොකක්හරි ප්‍රශ්නෙක ද?"

මා කල්පනාවක නිමග්නව සිටී බැවින් අනූප් හට නිවසෙහි නැගෙනහිර කොටස පෙන්වමින් සිටී බව ද අමතකවයි තිබුණේ.

"න්නැ.. නැහැ.. අනූප්.. එහෙම ප්‍රශ්නයක් නැහැ.."

මම ඔහු මග හැර වෙනතකට හැරුණෙමි.

"ප්‍රශ්නයක් නම් කියන්න.. මම පුළුවන් විදිහට උදව් කරන්නම්"

අනූප් නැවත වතාවක් එලෙස පවසද්දී මම සුසුමක් හෙළුවෙමි.

"අනූප් ඇත්තටම ඔයා මේ ගෙදර ගන්නවද? මගේ කාලේ කනවා නෙවෙයි නේද මේ? මොකද මට මේ වෙලාවේ ගොඩක් ම මගේ ජොබ් එක කරන එක වැදගත්. ඔයාට මේ ගේ ගැන එහෙම අදහසක් නැත්නම් කියන්න.. මම ඉක්මනටම වෙන කෙනෙක්ව හොයාගන්න ඕනේ.."

මගේ හඩෙහි තරමක ආවේගයක් ගැබ් ව තියෙන්නට ඇති.

"දිනූ..., මොකද මේ? හරි මම ඔයාට කන්ෆර්ම් කරන්නම්.. මම මේක ගන්නවා.. ඒත් එහෙමයි කියලා මට ගේ චෙක් නොකර ගන්න බැහැනේ ලමයෝ..."

"ඒ කියන්නේ... ඔයා මේක ගන්නවා නේද?"

මගේ හඩ අන් කවරදාකටත් වඩා සිහින් වන්නට ඇති. ඔහුගේ ඒ ප්‍රකාශය මා සිතෙහි ඇති කළේ සැනසීමකි.

"ඔව් මං ගන්නවා.. මම ඔයාට ඇඩ්වාන්ස් එකක් පේ කරන්නද? ඉන්නකෝ.."

මම ඊට පිළිතුරු ලබාදීමටත් ප්‍රථමයෙන්ම තම ජංගම දුරකථනය ගත් ඔහු තරමක් වේලා එය හා කාර්යබහුල වූවේය.

"ඩන්! ඔන්ලයින් පේමන්ට් කළා!"

ඔහුගේ දුරකථනයේ තිරය මා වෙතට දර්ශනය කරමින් ඔහු එලෙස පවසද්දී මම විසල් දෙනෙතින් ඔහු දෙස බැලුවෙමි.

මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now