මරකත ලෝචන 💚 - 03

198 32 1
                                    

ළා හිරු රැස් මුළු පරිසරයම තම ආධිපත්‍යය වෙළා ගනිද්දී මගේ සිතටත් දැනුනේ අමුතුම උද්යෝගයකි.

අද දින උදෑසනම නිවෙස පිරික්සීම සඳහා මාත්, අනූපුත් යොදාගත්තේ පෙර දිනයම මාගේ නිද්‍රාශීලීගතිය නිසා නිස්කාරනයේ අපතේ යාම නිසාය.

නමුත් තවම අනූප් නම් ඔහුගේ කුටියෙන් පිටතට පැමිණි බවක් දක්නට නොලැබුණි.

මම මාගේ ජංගම දුරකථනය ගෙන එහි අගුලු තිරය වෙතට දෙනෙත් යොමු කළේ වේලාව දැනගැනුම පිණිසයි.

අප්‍රේල් 03 වන දින, උදෑසන 9 පසු වී විනාඩි 30 ක් ලෙසින් වේලාව සටහන් වී තිබූ තිරය පිරික්සා මම එය නිවා දැමුවේ අනූප්ගේ කුටිය දෙස නැවත වතාවක් නොඉවසිල්ලකින්ම බලමින් ය.

ඔහුගේ ප්‍රමාදය අද දින ද අපතේ යවයි යැයි අනිසි බියක් මා සිත පෙළන්නට විය.

එනිසයි මා තවත් බලා නොසිටම අනූප්ගේ කුටිය වෙතට වේගවත් පියවර තැබුවේ. මාගේ සිතට දැනුනේ තරමක කෝපයකිනි. නමුත් මා දනිමි. මා හට එලෙස මාගේ සේවාදායකයා සමඟ කෝප ගත නොහැකියි. හැකි තරම් ඔහුව හෝ ඇයව ඉවසීම, ඔවුන් සතුටුවන ආකාරයේ සේවයක් ලබා දීමයි මාගේ අරමුණ වියයුත්තේ.

නමුත් අනූප් ශාලික ජයමාන්න නම් ඔහු, මාගේ සිතෙහි ඇති කරන්නේ සේවාදායකයෙකුට එහා ගිය අමුතුම සිතුවිලියි.

මම අනූප්ගේ කුටියෙහි දොරටුවට ඉතාමත් ඉවසීමෙන් තට්ටු කළෙමි.

නමුත් ඒ ඉවසීම තෙවන වර තට්ටු කරන තෙක්ම පැවතුනත් ඊට පසුව නම් බූමි තෙල් ගැසූ ගැරඩියෙක් තරම්ම වේගයෙන් පලා ගිය අතර, අනූප්ව මුහුණට මුහුණ මුණගැසුනා නම් ඔහුව උස්සා පොළොවේ ගැසීමට තරම්ම මහා කෝපයකින් මා සිත පිරී ගියේය.

"මිස්ටර් අනූප්....?"

"අනූප්...!"

කොයි තරම් දොරට ගැසුවත් ඔහු නොවෙයි දොරටුව විවර කළේ.

"අනේ මනුස්සයෝ මේ දොර ඇරපන්...!!!"

එලෙස හඩ තලන්නට සිතුනත් මම මාගේ කට පරිස්සම් කරගතිමි.

මොනාවුවත් ඔහු මාගේ සේවාදායකයායි.

තවත් කීපවරක්ම දොරට තට්ටු කරද්දී, එක්වරම දොරටුව විවර වූයේ මා සිහිසුන් කළ හැකි ආකාරයේ දර්ශනයක් මා නෙතු අඟ දර්ශනය කරමිනි.

මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now