මරකත ලෝචන 💚 - 02

321 43 8
                                    

මුළු ලෝකයම අඳුරු වී කෙතරම් වේලාවක් ගත වූවාදැයි මම නොදනිමි. නමුත් ගතට දැනුනේ මහා අපහසුවකි. මාගේ දෙනෙත් පියන්පත් මුළු ලෝකයෙහි පවතින ඉසිලිය නොහැකි තරමේ මහා බරක් ලෙස මට දැනුනේ දෙනෙත් පියන්පත් හැරීමට උත්සාහ කළ මොහොතේයි.

මා අසලින්ම උණුසුම් ස්පර්ශයක් දැනුනත් දෙනෙත් විවර කිරීම අපහසු වද්දී සිත නොසන්සුන් වීම ආරම්භ විය.

නමුත් මාගේ හිස මතට දැනුනු ලෙන්ගතු ස්පර්ශය නිසාවෙන් නැවත වතාවක් සිත සන්සුන් කරගැනුමට මා හට හැකි විය.

"හිමි...න්... හිමින් ඇස් අරින්න දිනූ..."

මගේ හිස පිරිමදිමින්ම එහෙම කියද්දී ඒ හඩ කාගෙද කියලා අදුනගන්න මට ඒ තරම්ම වෙලාවක් ගත වූයේ නැත.

ඉතිං මම ඔහුට කීකරු වුනෙමි.

හෙමින් සීරුවේ දෙනෙත් විවර කළ මට දක්නට ලැබුණේ මාගේ වතට ම නෙතු බර කරන් බලා සිටි ඔහුයි.

"කොහොමද දිනූ ඔයාට? ආ යූ ඕකේ නව්?"

ඔහු මාගෙන් එලෙස විමසද්දී මා හිස සැලුවේ ඔහුගේ දෙනෙත් දෙස ම බලාගෙන කීකරු ළදැරියක් මෙනි. නමුත් මා මේ සිටින්නේ කොහෙද? මා හට කුමක් සිදු වූ වා දැ යි ඔහුගෙන් අසා විමසීමට මා සිත මා හට පැවසුවේය. නමුත් ඒ කිසිවක් විමසීමට නොහැකි තරමටම ඔහුගේ දෙනෙත් මා වශීකෘත කරගත්තේය.

"ඇත්තටම ද?"

ඔහු නැවතත් මාගෙන් එලෙස විමසුවෙන් මම වික්ෂිප්තව ඔහු දෙස බලාසිටියේ ඔහු මේ අසන්නේ කුමක් ගැන දැ යි පැහැදිලි වැටහීමක් නොවද්දීයි.

"ඔයා ඇත්තටම හොඳින් ද කියලා ඇහුවේ?" යාන්තමට සිනාසෙමින් ඔහු නැවතත් එලෙස විමසද්දී නම් මාගේ සිතටත් දැනුනේ ලැජ්ජාවකි.

"මම හොඳින්... මිස්ටර් අනූප්.."

මම සිහින් හඩින් එලෙස මුමුණද්දී ඔහු නැවත වතාවක් සිනාසුණේය.

ඔහු.., මම එලෙසින් හදුන්වන්නේ අන් කවරෙක්වත් නොවෙයි. මාගේ මිතුරු උමේෂ්ගේ නිවෙස මිලදී ගැනීම සඳහා මා සොයාගත් කඩවසම් ගැනුම්කරුවායි. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් විය. වෛද්‍ය අනූප් ශාලික ජයමාන්න නම් වූ ඔහුයි මේ දින කීපය පුරාම මාගේ මනසෙහි හොල්මන් කරන චරිතය.

Marakatha Lochana | මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now