" ඔබ අදත් මේ ලෙසින් ඔහු වෙනුවෙන් ද... ? "
ලාවට නැගෙන ඉර කන්දෙන් එබිකම් කරද්දී හමා එන සීතල හුලං පොද නගන හඩට හානි නොකරන කිචිබිචියක් මෙහා කොනෙන් ඇසෙමින් එහා කොනින් අවසන් වී ගියා. මේ නැවුම්බර උදෑසන පෙර කවරදාත් මෙන්ම රාජකීය සේවකයින්ට කලබලකාරී වාතාවරණයක් මවද්දී රාජකීයන් නම් තවමත් සුවබර නින්දක සිහින දුටුවා. නමුත් අනෙකුන් එසේ වෙද්දී ජොන් පෙළපතේ අනාගත උරුමකරු නම් තම උදෑසන බලාපොරොත්තුව වෙනුවෙන් ඈත පේන සරුසාර කෙත් වතු මැදින් වැටුණු බයිසිකල් අඩිපාර දිහා බලන් හිටියේ එහි සීනු හඩ දැන් ඇසෙයි දැන් ඇසෙයි යන බලාපොරොත්තුවෙනි.
" හ්ම්ම්.. ඔහු වෙනදට මේ වෙද්දී පැමිණෙනවනේ චිම්.. නමුත් කිමද අද ඔහු මේ ලෙසින් ප්‍රමාද ? "
" කුමරුනි; ඔබ දන්නවා නොවෙද ඔහු මේ සීමාවට ලියුම් කඩදහි ඇත්නම් පමණක් පැමිණෙන බවට .. ? ඉතින් මෙදවස මේ පෙදෙසට ඔහු අත එසේ කඩදහියක් නැතිව ඇති... "
කුමරු ජොන් ජන්ග්කුක්ගෙ පෞද්ගලික ආරක්ෂකයා එසේ පැවසුවත් කුමරුගේ නොඉවසිලිවන්ත ඇස් වලින් නම් පෙණුනේ තවමත් ඔහු ඒ ලියුම් කඩදහිකාරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් ඇති බවයි. සදළුතලයෙන් විටින් විට හිස ඉවතට දමන ඔහු තවත් විටෙක බලාපොරොත්තු කඩ වූ අයෙකු මෙන් තම ආරක්ෂකයා දෙස බලමින් සුසුම් ලන්නට පටන් ගත්තා. අන්න එවිටයි ඔහුට ඒ සුපුරුදු සීනු හඩ දෙසවන් වැදුණේ.
" අන්න, අර.., ඔබට පෙනෙනවාද ඔහු පැමිණෙනවා.. ඔබ කෙසේද කීවේ ඔහු නොපැමිණේවි කියා.. නැහැ, ඒ හුදෙක් එක මනුස්ස රූපයක් පමණක්ම නොවේ චිම්.. ඔහුයි මගේ සදා පිවිතුරු බලාපොරොත්තුව.. "
එසේ කියූ ජන්ග්කුක් තාමත් මාලිගාවට ඈතින් පේන බයිසිකල් අඩිපාර දිගේ තම පා පැදිය රැගෙන යමින් ගෙයින් ගෙට ලියුම් ඇත්තන් හට ලියුම් කඩදහි බෙදන ඒ කඩවසම් තරුණයා දෙස බලා හිද සිනාසුණා.
" කෙසේද ඔහු ඔබේ බලාපොරොත්තුව වන්නේ කුමරුනි.. ඔහු නොවෙයි ලිලී කුමරියයි ඔබේ බලාපොරොත්තුව විය යුත්තේ.. ඔබේ මේ අකීකරු පැවතුම් කෙරෙහි ඔබ සිතනවා ද රජු හෝ රැජින සතුටුයි කියා.. ? "
YOU ARE READING
HOPE || Taekook ( oneshot ) ( ✔️ )
同人小说" බලාපොරොත්තුව " ජොන් පෙළපතේ ඊලග උරුමකරු වුණු ජොන් ජන්ග්කුක් හා ඔහුගේ බල ප්‍රදේශයේ ලියුම් කඩදහි බෙදන්නා අතර ගෙතුණු බලාපොරොත්තු සහගත ප්‍රේම අන්දරයයි මේ.