තවත් පැය කීපයකට පස්සේ එයාලා ලං වුණේ ගම්බද ප්‍රදේශයකට.. වාහන තදබයත් පිරුණු නගරබද ප්‍රදේශයෙන් මිදුන නිසා එයාලට ලොකු නිදහසක් ඒ පරිසරයෙන් දැනුනා.. ම්හ්ම්.. ඇත්තටම නිදහස් බවක්!!

ඒත් ඒ හැඟීම වින්දේ ජිමින් විතරයි...

" ආයිශ් ජිමිනා!!! කොහෙටද තමුන් මේ මාව එක්කරගෙන ආවේ.. ආහ්හ්.. "

ජන්ග්කුක් කෑ ගැහුවේ ජිමින් ගැස්සිලා ඒ දිහා බලන් ඉන්න කොට..ඒත් එක්කම ඉක්මනට වාහනේ නවත්තපු ජිමින් ජන්ග්කුක් ට කතා කරා...

" ඇයි ජන්ග්කුක්.. පොඩ්ඩක් ඉවසන්න.. දැන් අපි ළඟටම ඇවිත් ඉන්නේ.. "

" ආහ් ඒත් බලන්න ජිමින්.. මෙහෙට හරියට සිග්නල් නෑ.. මෙහෙම කොහොමද මං ලැබ් එකත් එක්ක කනෙක්ශන් තියාගන්නෙ..."

ජන්ග්කුක් පිස්සෙක් වගේ කෑ ගහන කොට ජිමින් දෙපැත්තට ඔළුව වැනුවා.. ඔව් ඒ ගම්බද ප්‍රදේශයක් නිසා අන්තර්ජාල පහසුකම් අඩුයි.. ජන්ග්කුක් ට තරහ ගිහින් තියෙන්නේ දැන් ඒකට..

" ජන්ග්කුක් අපි මෙහෙට ආවේ මේ සතියේ ටිකක් රෙස්ට් කරන්න මිසක් තැන මාරු කරලා ආයෙත් වැඩ කරන්න නෙවෙයි.. "

" ආහ් ජිමින්... මං කොහොමද ඒ වැඩ සතියකට නවත්තන්නේ කියනවා.. "

" ජන්ග්කුක් ක්ලම් ඩවුන්.. ගෝඩ් ශේක් මොකද මේ.. "

ජන්ග්කුක් ට ආයෙමත් තරහ ගිහින්.. ජිමින් ට නම් මේ දේවල් කොහොමත් හුරුයි.. ජන්ග්කුක් කියන්නේ ඉවසීම නැති කෙනෙක්.. ඒ වගේම ඕනවටත් වඩා තරහා ගන්නවා.. එක පොඩි දෙයක් ඇති ජන්ග්කුක් ට ලොකු රණ්ඩුවක් පටන් ගන්න..

" ජිමින්.. "

" ජන්ග්කුක් ප්ලීස්.. "

ජන්ග්කුක් ගේ රතු ඇස් දැක්කම ජිමින් ට බය හිතුනත් මේ වෙලාවේ සන්සුන් ව වැඩ කරන්න ඕන කියලා ජිමින් දැන ගෙන හිටියා.. අනික් මේ දේවල් ජිමින් කරන්නේ ජන්ග්කුක් වෙනුවෙන්.. එයා කැමති එයාගේ යාළුවා හොඳින් ඉන්නවා දකින්න..

ටිකකින් ජන්ග්කුක් සන්සුන් වෙනවා කියලා ජිමින්ට දැනුන ම ආයෙමත් ජිමින් ඩ්‍රයිව් කරා.. ආයෙමත් හැරිලා යන්න බැරි නිසා ජන්ග්කුක් සද්ද නැතුව හිටියා..

 || Mystery of the Miracle Farm || ✓Where stories live. Discover now