NO ONE POV
ජැක්සන් ඉදියෙ එයාගෙ බාලම ලමයට කෑම කවන ගමන්. එක පාරටම ඇහුන ඒ සද්දෙට එයාව ගැස්සලා ගියා.
කවුරු හරි එයාගෙ ගෙදර දොරට තට්ටු කරනවා. ඒත් ජැක්සන් ඒක ඇහුනෙ නෑ වගේ ආයිත් එයාගෙ පුතාට කවන්න ගත්තා. ඒත් ඒ දොරට වැදුන තට්ටුවනම් නතර උනේ නෑ.
"ජැක්.. මං හිතන්නෙ ගෙවල් අයිතිකාරයා ආයිත් ඇවිල්ලද කොහෙද කුලී සල්ලි ඉල්ලන්න. අපි සති තුනක් පරක්කුයි. මොකද කරන්නෙ?" ජැක්සන්ගෙ wife ඇහුවෙ හොදටම බයෙන්.
ඒකට දෙන්න උත්තරයක් ජැක්සන් ගාව තිබ්බෙ නෑ. එයා හිමීට නැගිටලා දොර ගාවට ගියා. එයත් ඉදියෙ බයෙන්. ලමයි තුන් දෙනත් එක්ක එයාලව ගෙයින් එලියට දැම්මොත් මොකද කරන්නෙ? රස්සාවත් නැතිවෙච්ච වෙලාවෙ ඉන්න ගෙයකුත් නැති උනොත් එයාට මැරෙන්න තමා වෙන්නෙ.
ජැක්සන් දොර ඉස්සරහින් හිටගත්තෙ කරන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බැරුව.
"මේ දොර අරින්න. අපි Vantae enterprises එකෙන් ඇවිල්ලා ඉන්නෙ."
එහා පැත්තෙන් ඇහුන ජැක්සන් අහන්න බලාපොරොත්තු උන දේ නෙමේ. එයා ඉක්මනට එයාගෙ wife දිහා බැලුවා. Vantae enterprises එකෙන් මොනාද එයාලගෙ ගෙදර දොරට තට්ටු දාන්නෙ?
දොරට එහා පැත්තෙ හිටගෙන ඉදිය කිම් තේහියුන්ග්නම් ඉදියෙ පුදුම නොඉවසිල්ලකින්. එයා මේ දවස එනකන් අවුරුදු ගානක් බලාගෙන ඉදියා. ඒ අවුරුදු ගානම එයා ඉවසුවත් මේ තප්පර ගාන්න එයාට ඉවසන්න පුලුවන් උනේ නෑ. එයාට හිතුනෙම දොර කඩාගෙන ඇතුලට යන්න.
අවුරුදු ගානක් තිස්සෙ එයා හොයපු එයාගෙ පුංචි සුරදූතයා, එයාගෙ ආදරේ, එයාගෙ පන ටික.. තේහියුන්ග් එයාව හම්බවෙන්න ගොඩක් ගොඩක් ලං වෙලා ඉන්න.. එයාට තවත්නම් ඉවසන්න පුලුවන් උනේ නෑ..
තේහියුන්ග් එයාගෙ secretaryට තව පාරක් දොරට තට්ටු කරන්න කියලා කිව්වෙ නොඉවසිල්ලෙන්.
"ගෙදර කවුරුත් නැද්ද? මේ දොර අරින්න." ජිමින් ටිකක් හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම වගේ එහා පැත්තෙන් දොර ඇරියෙ අවුරුදු තිහක විතර මනුස්සයෙක්.