"මට තමුසෙව මීට් වෙන්න සැලෝන් එකටම එන්න ඕනේ නෑ...ඒ නිසා හැංඟිමුත්තම් නොකර පාඩුවේ ඉන්නවා..තියන්නම්"

ප්‍රශ්ණ දාහක ඇයව අතරමං කරලා රදීශ ඇමතුම විසන්ධි කරද්දී පවා ඇය උන්නේ ගල් ගැහිලා වගේ.කිසි දෙයක් හිතාගන්න බැරිව ශොක් වෙලා වගේ උන්නු අහිංසාට හිතුනේම ගිරිරාජ්ට හරි කේශවට හරි මේ හැමදේම කියන්න.ඒත් ඇය හා සම්බන්ධ කාරණා වලදී ගිරිරාජ් මෙන්ම දෙසොහොයුරන් හැසිරෙන්නේ ඕනාවටත් වඩා කලබලව නිසා අහිංසා ඉවසන් උන්නේ රදීශ කරන්න හදන දේ හරියටම නොදන්න නිසා.ඉදිරියට එලඹෙන්න තියෙන දවස් ගැන බියක් හිතට දැනෙද්දී අහිංසා ඉක්මනට ඇඳුමක් ඇඳ ඇමතුමක් ගත්තේ සාරංගට.මොකද ඇයට සැනසෙන්න තියෙන එකම තැන එතැන නිසා.

........💜️........ RITHU SAKURA .......💜️........

රදීශ සැලෝන් එකට ඒවි කියලා ඇති උනු බයටම අහිංසා ගෙදරටම වෙලා උන්නේ සැලෝන් එකේදි ඔහුට තනියම මූණ දෙන්න තිබ්බ බය නිසා.හැංඟිලා වැඩක් නෑ කියලා හොඳටම දැනන් උන්නත් ඇයට නිවසේදී දැනුනේ ලොකු ආරක්ෂාවක්.කියන්න නොතේරෙන මොකක්දෝ බයක් හිතට එද්දි ඇයට උදේම ඇමතුමක් ආවේ සාරංගගෙන්.

"හෙලෝ...ගුඩ් මෝනින්"

"ගුඩ් මෝනින්..."

සාරංගගේ හඬේ තිබ්බේ අධික නිදිමතක්.අහිංසාට ඒක හොඳටම දැනුනා.

"තාම නිදිමතේද මහත්තයා?"

"හ්ම්ම්...මතයි නේන්නම්..එක්කෙනෙක් මගෙ නින්ද නැති කළානේ"

ගොරහැඬි හඬකින් සාරංග මුමුණද්දී අහිංසා හිනා උනේ සද්දෙන්.

"කවුද දන්නෙ නෑ නේද එහෙම අපරාදයක් කෙරුව මෝඩ කෙල්ල??"

"ඉන්නවා එක්කෙනෙක්...වෙලාවකට මෝඩ ගහක්ම තමා.."

"ඇත්තද මිස්ටර් සාරංග නිකේත් තෙන්නකෝන්..මොකටද දන්නෙ නෑ එහෙනම් ඒ මෝඩ කෙල්ලට ඔච්චරටම ආදරේ???"

අහිංසා කට ඇද කරගෙන කියද්දී සාරංග ඇඳ විට්ටමට හේත්තු උනේ එක අතක් හිස පිටුපසින් තියාගෙන.

"මං එච්චරටම ආදරේ කියලා තමුසෙට දැනෙනවා නම් මට ඒ ඇති අහිංසා"

අහිංසාගෙ ප්‍රශ්ණෙට හිතුවෙවත් නැති උත්තරයක් දුන්නම අහිංසා නිරුත්තර උනා.ඒ වචන කීපයේ තිබ්බේ ලොකු ආදරයක්.මෙච්චර කාලයක් ශාදි ගැන කිය කිය ඔහුට රිද්දුවේ අපරාදේ කියලා අහිංසාට හිතුනේ සුසුමක් බරට බරේ පිටවෙද්දි.

සන්තානේ - දෙහදක් 2Unde poveștirile trăiesc. Descoperă acum