☆ Chapter 04 ☆

Start from the beginning
                                    

සෝහාට පුදුමයි. පැය ගානකට මෙච්චර වෙනසක්....

" පුංචි නෝනා... "

ජන්ග්කුක් ගියත් එක්කම කාමරයට ආවේ ගෙදර වැඩට ඉන්න මේඩ් කෙනෙක්.

" එන්න අජුම්මා.. "

සෝහා හරි ආදරෙන් කතා කලේ... සෝහා එහෙමයි. ඕනම කෙනෙක්ට කරුණාවන්ත කෙනෙක් සෝහා.

අජුම්මා වීදුරු කටු සේරම අස් කරනකන්ම ඒ දිහා ඔහේ බලන් හිටිය සෝහා හරි සිහියට ආවේ අජුම්මගෙ කටහඬින්...

" පුංචි නෝනෙත් පුංචි මහත්තයා වගේම හිත හොඳ කෙනෙක්. මහත්තයා ඔය පේන තරම් නපුරු නැහැ නෝනෙ...  "

අජුම්මගෙ කතාවට සෝහාට ටිකක් හිනා ගියේ මාෆියා කාරයෙක පේන තරම් නපුරු නැහැ කියන්නෙ මොන විහිලුවක්ද කියලා හිතිලා. 

සෝහා වොශ් එකක් දාගෙන පහළට ආවේ ඩිනර් එක ගන්න.

" ආහ් එන්න එන්න් සෝහා... "

ටේහියුන් සෝහාට කතා කලත් සෝහාගෙ ඇස් නැවතිලා තිබුනේ ජන්ග්කුක් ගාව. ඒත් ජන්ග්කුක් නෙවෙයි සෝහා දිහා හැරිලාවත් බැලුවෙ.

සෝහා ජන්ග්කුක් දිහාම බලාගෙන ටේහියුන්ටත් පොඩි හිනාවක් දාලා කෙලින්ම ගියේ කිචන් එකට.

කිචන් එකට යද්දිත් අජුම්මා කෑම සේරම ලෑස්ති කරලා කෑම මේසෙටත් යවලා ඉවරයි.

ඉතිරි වෙලා තිබුන අන්තිම සයිඩ් ඩිෂ් ටික සෝහා අරන් යන්න හදද්දි අජුම්මා සෝහාව නැවැත්තුවෙ ජන්ග්කුක්ගෙ හැටි දන්න නිසාමයි.

" නෝනේ ගිහින් වාඩි වෙන්නකො. මම ඕක ගෙනියන්නම්. නැත්තම් මහත්තයට තරහ යාවි."

ඒත් ඒ ගැන වාඩිය නොහිතපු සෝහා කෑම ටිකත් අරන් ගිහින් මේසයට තිබ්බෙ ජන්ග් කුක් තාමත් එයාගෙ I-pad එක දිහාවටම අවධානය දෙද්දි.

ටේහියුන් නම් සෝහා ගෙනාපු ඩිෂ් ටික මේසයට තියන්න හරි හරියට උදව් කලේ.. සෝහා දන්නැහැනෙ සයිඩ් dishes ටික ජන්ග් කුක්ට තියන්න ඕන පිලිවෙල.... ඒ හින්දා...

ඒ ටික තියලා සෝහා ආයෙම කිචන් එකට ගියේ තව මොනවා හරි කරන්න තියනවද බලන්න. ඒත් එක්කම අජුම්භා tray එකක තියපු මියොක්-ගුක් එකක් සෝහාට දුන්නෙ ජන්ග් කුක්ට ඒක දෙන්න කියලා අඟවන ගමන්.

 My Mafia Husband | ⭕️Where stories live. Discover now