ඉතින් මේ විදිහට මෙතන කතා කරන්න මට හයියක් වුණ ඔය දෙන්නටම මම කොහොම ස්තූතියි කිව්වත් මදි. ඒත් මට ඔයාලට කියන්න තියෙන දේ..... බොහොම ස්තුතියි කියන එක තමයි. "





සුකී වෙනුවෙන් කවුරුත් ම වැළැඳගන්න නැහැ කියලා හිතුවා නම් ඒක වැරදියි. ටේකුක් දෙන්නා ම හරිම කරුණාවන්ත ව සුකී ව එයාලට තුරුල් කර ගත්තේ සුකී ට ටේහ්‍යුන්ග් ගාව ඔම්මගේ ආදරෙත් ජන්කුක් ගාව තාත්තගෙ උණුසුමත් දැනෙද්දි.










"  හරිම හැඟීම්බර අවස්ථාවක් ඒක. ඒත් මේ වතාවේ අපේ ප්‍රතිඵල ලැයිස්තුවේ සීයට සීයක සම්පූර්ණ ප්‍රතිශතය පළමුවැනි වරට වාර්තා කරලා මේ පාර ප්‍රථම ස්ථානය දිනා ගන්නේ.... "

ප්‍රින්සිපල් සර් ට ඉතිරි ටික කියන්න හම්බ වුණේ නැහැ. මොකද මුලු හෝල් එකම කෑ ගහලා එකම දෙයක් කිව්වා.

" ජියොන් ජන්කුක්....... "

ප්‍රින්සිපල් සර් හිනා වුණා.

" ඔව්. ඔයාලා හරි.. ජන්කුක් එන්න වේදිකාවට".

ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙ තුරුලෙන් මෑත් වෙලා ජන්කුක් එක්ක හිනා වෙලා ජන්කුක් ට වේදිකාවට යන්න ඉඩ දෙනකොට සුකී ටේහ්‍යුන්ග් ගාවින් වාඩි වෙලා වේදිකාව ට ගොඩ වෙන ජන්කුක් දිහා බලාගෙන හිටියා.



හොබී තමන්ගෙ අතින් ජන්කුක් ට සහතිකය දෙන වෙලාවේ හොබී ගෙ ඇස් ආඩම්බරය නිසාම වැටුණු සතුටු කඳුළු වලින් තෙමිලා තිබුණා.

"  සතුටුයි මගෙ පුතේ... "

හොබී එහෙම කියලා ජන්කුක් ව බදා ගනිද්දි ජන්කුක් ත් ආපහු හොබී ව බදා ගත්තා. ඒ ජන්කුක් ට ආදරේ කරනන හොබී තරම් කෙනෙක් වෙන නැති බව ඔප්පු වෙද්දී.

" තෑන්ක්ස් අප්පා "


හොබී ට මොහොතක් තුරුල් වෙලා හිටිය ජන්කුක් ට ප්‍රින්සිපල් සර් ආරාධනා කළා කතා කරන්න. වේදිකාව උඩ වචන කීපයක් කියන්න දීපු ආරාධනාව ජන්කුක් ප්‍රතික්ෂේප කරනවා දැක්ක මුලු හෝල් එකේම හිටපු හැමෝම ජන්කුක් ට මොනවම හරි කියන්න කිව්වහම ජන්කුක් අපහසුවෙන් වගේ මයික් එක අතට ගත්තා.

Baby Bully ✔️Where stories live. Discover now