CHAPTER 18

708 130 13
                                    

ඒත් ටේහ්‍යුන්ග් ගේ ඉන වටේට අත දාලා ජන්කුක් අල්ල ගත්ත මොහොතේ ටේහ්‍යුන්ග් නිහඬවම දැහැනකට සම වැදිලා වගේ ජන්කුක් දිහා බලන් ඉද්දි ජන්කුක් තමන් ටේහ්‍යුන්ග් වෙනුවෙන් ගෙනාව රෝස මල එයාගේ කන අයිනේ රැඳෙව්ව හැටිත් ගොඩක් අය දැක්කා.








ක්ලාස් එකේ හැමෝගෙම සූස් සද්දෙට ටේහ්‍යුන්ග් හරි සිහියට එද්දි ජන්කුක් තමන්ට කොච්චර නම් කිට්ටුවෙන් ද ඉන්නෙ කියල තේරිච්චි ගමන් ම ටේහ්‍යුන්ග් ජන්කුක් ව පස්සට තල්ලු කරලා කෙලින් වුණා.

" තමුසෙ මොනවද හිතන් ඉන්නෙ ආ..? තමුසෙ හිතාන ඉන්නෙ තමුසෙ ට මම සමාව දෙන්න ඕන කියලද..? ඒක ලේසි දෙයක් නෙවෙයි කියලා මතක තියා ගන්නවා.. උදේ පාන්දර මගේ පාඩම් කරන මූඩ් එකම කෑවා..."

ටේහ්‍යුන්ග් එක පාරටම ජන්කුක් ගේ මූණට ම පුපුරා හැලෙනකොට ටේහ්‍යුන්ග් තමන්ගෙ කනේ ජන්කුක් ගහපු මල පිටින් ම ක්ලාස් එකෙන් එලියට ඇවිදගෙන යද්දි ටේහ්‍යුන්ග් ලිය ලිය ඉඳපු පොතේ තිබුණ ගණන් වල හරි වැරදි බලන්න ජන්කුක් ටේහ්‍යුන්ග් ගෙ පොතට එබුණා..



🔸

ටේහ්‍යුන්ග් රූෆ් ටොප් එකට ඇවිදගෙන ගිය මොහොතේ රූෆ්ටොප් එකේ කවුරුත් ම හිටියේ නෑ. ටේහ්‍යුන්ග් තනියම හිනා වුණේ රූෆ්ටොප් එකේ තියෙන බංකුවක වාඩි වෙලා.. ජන්කුක් කනේ ගහපු මල අරගෙන සුවඳ බලන ගමන්....

" ඔයා දන්නවද කූකි... මට කියන්න ඕන ඔයා වෙනදට වඩා ගොඩාක් හැන්ඩ්සම් කියලා අද... ඔයා ලැම්බො එකෙන් බැහැලා එද්දි මට ඔයාව ප්‍රින්ස් කෙනෙක් වගේ පෙනුණේ.

ඒත් මම ඔයාට දැන්මම සමාව දෙන්නෙ නෑ මයි. මොකද මමත් ඔයාගේ බොරු වලට කාලයක් තිස්සේ ඇන්දුනා නේ. දැන් ඔයාගේ වාරේ... ටික කාලෙකට මගේ තරහ මූණට ඇන්දෙන්න. "




ටේහ්‍යුන්ග් තමන්ට ම මුමුණගෙන හිනා වුණේ තමන් එක පාරටම තල්ලු කරද්දි ජන්කුක් ගේ මූණේ හැටි මතක් කරන ගමන්.

" තවත් පිස්සුවක් අල්ලයිද දන්නේ නෑ.. "










🔸

ටේහ්‍යුන්ග් ට පහුවදා උදේ ගෙදරින් එලියට බහිද්දි ම ඩිලිවරි බෝයි කෙනෙක් හම්ම වුණා.

Baby Bully ✔️Where stories live. Discover now