CHAPTER 8

740 133 5
                                    

ජින් එතනින් එහෙම කියලා යන්න හදනවත් එක්කම වීඩියෝ එක ඉවර වුණා. ටේහ්‍යුන්ග් යුන්ගී ගේ කොලර් එකෙන් අල්ලගෙන හෙල්ලුවේ අදහා ගන්න බැරි නිසා...

🐯 අනේ කියන්න හ්‍යුන්ග්... ඇයි මේ..? ඔම්මා ඇයි මෙහෙම කරන්නේ..?

🐱 ඔයාව හොබි අංකල් ගේ පුතා ට තීන්දු කරපු මැරේජ් එකට ජන්කුක් බාධාවක් වගේ දැනෙනවා ඇති...
















ටේහ්‍යුන්ග් එදා රෑ දවසම වේදනාවෙන් ගත කළේ තමන්ගෙ පවුලෙ අය මේ තරම් මිනිස්සු අතර සල්ලි නිසා බේද දකින්නෙ ඇයි කියලා හිතාගන්න බැරිව.

ටේහ්‍යුන්ග් ට දැන් මතක නෑ තමනුත් කාලයක් එහෙම තමයි හිටියේ කියලා. තමන්ට ත් හැමදේම සල්ලි වුණ කාලයක් තිබුණා කියලා... දැන් ටේහ්‍යුන්ග් දන්නෙත් නැති ගානටයි ඉන්නේ.

ඒකට නම් හේතුව ටේහ්‍යුන්ග් හද පතුලෙන් ම ජන්කුක් ට ආදරේ කරන්න පටන් ගැනීම. ටේහ්‍යුන්ග් ගේ කිසිම රසයක් නැති, ඒකාකාර ජීවිතේට ඇවිත් ඒ ජීවිතේ නිවැරදි වෙන්න ඕන තැන් තේරුම් කරලා දෙන නිසා ටේහ්‍යුන්ග් ජන්කුක් ට වඩාත් ආදරෙයි.

_______________________________________

" අනේ ටේහ්‍යුන්ග් ප්ලීස්.. අද නම් මට කරදර කරන්න එපා... මම උණ හැදිලා ඉන්නේ... ප්ලීස්.. මට තවත් නම් මේවා දරා ගන්න ශක්තියක් නැහැ.."

ටේහ්‍යුන්ග් කොරිඩෝ එක දිගේ ඇවිදගෙන යන මොහොතේ ටේහ්‍යුන්ග් ගෙ ඇස් නතර වුණේ කොලේජ් එකේ එක්තරා දුප්පත් ශිෂ්‍යයෙක් ගාව. ටේහ්‍යුන්ග් ඔහු දිහා බලපු වෙලාවෙ ම ඔහු තමන්ගේ bully ගෙන් ඉල්ලුවේ තමන්ට එහෙම කරන්න එපා කියන දේ.

ටේහ්‍යුන්ග් එදා කොලේජ් එකේ හිටියේ මලානික විදිහට. දිනපතා ටේහ්‍යුන්ග් ගෙ ටාගට් වුණ ළමයි ටේහ්‍යුන්ග් ඉස්සරහ ඔලුව නමන් ඉඳියේ අද ටේහ්‍යුන්ග් තමන්ට මොනවා කරයිද කියලා වුණත්, ටේහ්‍යුන්ග් කවදාවත් නැතිව එයාලගේ පිටට තට්ටුවක් දාලා එයාට විතරක් ඇහෙන්න කතා කළා.

" විනාඩි පහකින් රූෆ්ටොප් එකට එන්න.."

කියලා ශාන්තව මුමුණන ටේහ්‍යුන්ග් එතනින් ඈතට ඇවිදගෙන යන හැටි කොලේජ් එකේ හැමෝම වගේ බලාගෙන හිටියේ මෙහෙම වුණේ කොහොමද කියලා...

Baby Bully ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin