ටේහ්‍යුන්ග් ජන්කුක් කතා කර කර හිටිය ළමයා දිහා බැලුවේ කේන්තියෙන්. දරාගන්න බැරි ඉරිසියාවක් නිසා ටේහ්‍යුන්ග් හිටියේ පුපුර පුපුර.
රෝස පාට කරපු කොණ්ඩයක් එක්ක පිරුණු කම්මුල් තියෙන, ඇස් දෙක වැහෙන්න හිනා වෙන මේ ළමයා ගාව තමන්ගේ නැති අහිංසක කමක් තියෙන බව ටේහ්‍යුන්ග් දැක්කා.
ජන්කුක් එක්ක හිනාවෙවී කතා කරන තාලෙන් ම ඒ ළමයා ගේ ඒ තියෙන අහිංසක කමට ජන්කුක් ගොඩක් කැමති බවත් ටේහ්‍යුන්ග් ට බැලූ බැල්මට ම තේරුම් ගියා.
" හරි ජිමින්.... එහෙනම් අපි හෙට කතා කරමුකො.."
ජන්කුක් ජිමින් එක්ක හොඳට ලස්සන ට හිනා වෙලා කතා කළේ තව ඇස් දෙකක් තමන් දිහාට යොමු වෙලා තියෙනවා කියලා පැහැදිලිව දැන දැන මයි.
ඉරිසියාවෙන් පුපුරන ගමන් ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා වගේම ජන්කුක් ට පිටට තට්ටුවක් දාල හිනාවෙලා එතනින් එහාට ගිය ජිමින් දිහා බැලුවෙ දරා ගන්න බැරි තරම් කේන්තියෙන්.
" කවුද ඒ....?"
ටේහ්‍යුන්ග් කේන්තියෙන් පුපුරන ගමන් ජන්කුක් ගෙන් ප්‍රශ්න කළා.
" ඔයා මොකටද මගෙන් එයා ගැන අහන්නේ ටේහ්‍යුන්ග්..?"
ජන්කුක් ඇහුවෙ පරන පුරුදු තාලෙට ම බිම බලාගෙන. එයා ට මේ වනවිට තමන්ගෙ හිනාව පාලනය කර ගන්න ඕන වුණ නිසා ජන්කුක් බිම බලාගෙන හිටියේ.
ඒ ප්‍රශ්නෙට ටේහ්‍යුන්ග් කටත් හදලා උත්තරයක් දෙන්න හදනකොට ම වගේ ඊලඟ පීරියඩ් එක පටන් ගන්න බෙල් එක ගැහුවා.
" මට මැත්ස් තියෙන්නේ ටේහ්‍යුන්ග්. මම ක්ලාස් එකට යන්න ඕන..."
ටේහ්‍යුන්ග් ට උත්තර දෙන්න බලන් නොහිටි ජන්කුක් ඉක්මනින් ම බිම බලාගෙන ක්ලාස් එකට ගියේ ටේහ්‍යුන්ග් ව මග හරින්න.
නිකමට වගේ තමන්ගෙ පොත පෙරලලා ඒක ඇතුලේ තියෙන ටයිම් ටේබල් එකෙත් දැන් තියෙන්නේ මැත්ස් කියලා දැක්කම නම් ටේහ්‍යුන්ග් ට ආපු සතුට කියලා නිම කරන්න බෑ.
" මමත් එනවා.. ඔහොම ඉන්නවා..."
ජන්කුක් ගෙ පස්සෙන් ටේහ්‍යුන්ග් දුවගෙන ගියේ ටේහ්‍යුන්ග් ගේ ක්ලාස් එක හරියට ජන්කුක් වගේ. ඒත් ටේහ්‍යුන්ග් නොදැන හිටියට ජන්කුක් ටේහ්‍යුන්ග් වෙනුවෙන් හොඳ පාඩම් මාලාවක් ම ලෑස්ති කරලා තිබුණා. ඒත් ඒ එකක්වත් පොත පත සම්බන්ධ දේවල් නොවුණා කියලා නම් කියන්න බැහැ.