𝚂𝚒𝚡𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙

Start from the beginning
                                    

මෝහ්....මොන එකකටද මාව මෙහේ එක්කන් ආවෙ ආ....

ඇයි මම කිව්වෙ....ඉක්මනින්ම ඔප්පව අපේ ගෙදර අයට මුනගස්සනව කියල.....
එන්න යමු....

ජන්කුක් මොකුත් කියන්නත් කලින් ලිලී ජන්කුක්වත් ඇදගෙන පාර පැනලා ගෙදර දොර ගාවටම ගියා....

ජන්කුක්ගෙ හිතේ ප්‍රශ්න දාහක් කැරකෙන්න පටන් ගත්තෙ ලිලී මොකක්ද මේ කරන්න හදන්නෙ කියල හිතන ගමන්....

දොර ගාවට ගිහින් දොරේ බෙල් එක ගහල කතා කරපු ලිලී බලාගෙන හිටියෙ දොර අරිනකල්....

"යාහ්....සූයොන් ඕකට අත තියන්නෙපා..මෙන්න මෙහෙට එන්නයි කිව්වෙ...."

ගේ ඇතුලෙ ඉඳන් කෑ ගහගෙනම ආපු පිරිමි කෙනෙක් දොර ඇරියෙ හිනා වෙවීම පුංචි ගෑනු ළමෙක්වත් වඩාගෙන

ජන්කුක් හිනාවක් මූනට මවා ගත්තෙ දොර ඇරපු කෙනා එක්ක සුහද වෙන්න හිතන්...

ඒත්....
ඒ කෙනා දැක්ක ගමන් ජන්කුක්ගෙ හිනාව මැකිලා ගියේ ඇහිපිය ගහන පරක්කුවට....




















































Park Jimin....

ජන්කුක්ට ඉබේම කියවුණා....

කවුද ආවෙ ජිමින් ඔප්පා.......

ගේ ඇතුලෙ ඉඳන් ආපු කටහඬට ජන්කුක්ගෙ ඇස් වල ඉබේම කඳුළු පිරුණෙ අත මිට මෙලවෙද්දි.....

කවු...

අන්‍යොන්...හායුනා....

දොර ගාවට ආව හායුන්ගෙ වචන හිර වුණේ හිටගෙන හිටපු ජන්කුක්ව දැකලා....

හායුන්ගෙ ඇස් වල කඳුළු පිරිලා ගියා...ඒ වගේම ජිමින්ගෙත්....

එයා වෙනස් වෙලා....

කාලෙකට කලින් හරි හුරුබුහුටි විදිහට හිටිය ජන්කුක්ව මතක් වුණු හායුන් බැලුවෙ දැන් තමන් ඉස්සරහ ඉන්න දේහදාරි කඩවසම් පිරිමියා දිහා....
එක අතක් වැහෙන්නම තිබුණ ටැටූ එක....දිගට වැවුණ කොණ්ඩෙ...තොලේ කොනක වගේම ඇහිබැමක තිබුණ piercing...මේ හැම දේම නිසා ජන්කුක් ඕනිවටත් වඩා කඩවසම් වෙලා පෙනුනා...හැබැයි ඒ bunny look එක තවමත් ඒ විදිහමයි කියල හායුන්ට හිතුනා....

𝚂𝚝𝚊𝚢 𝚆𝚒𝚝𝚑 𝙼𝚎♥️[𝙹𝙹𝙺:𝚂𝚑𝚘𝚛𝚝:𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍]Where stories live. Discover now