" ඇත්තටම මට සමාවෙන්න ටේ බෙයා. මම ඔයා එක්ක අමනාප වෙලා හිටියට. මගේ බේබි තනියම තමන්ගේ දේවල් කර ගන්න දන්නවා දැන්...

එයා ලොකුයි දැන්.. හොඳ නරක හරියට තේරුම් ගන්න පුළුවන් දැන්.. ජන් ඔයාට ගොඩක් පිං.. මගේ දරුවට මේ වගේ හොඳ හිතක් තෑගි කළාට."

ජන්කුක් දිහා බලාගෙන ජින් කියද්දි ටේහ්‍යුන්ග් සම්පූර්ණයෙන්ම අන්දොස් වෙලා ජන්කුක් දිහාට යි ජින් දිහාවටයි මාරුවෙන් මාරුවට බලද්දි ජින් ආයෙමත් කතා කළා.

" මං කවදාවත් දුප්පත් පොහොසත් කියලා බේද කරපු කෙනෙක් නෙවෙයි පුතේ. ඒත් ඔයා එහෙම කළා නේද..? මේ ජන්කුක් නිකන්ම කෙනෙක් නෙවෙයි. එයාව තමයි මම ඔයාට මැරේජ් ප්‍රපෝසල් එකක් කරපු යුන්ජි ගේ පුතා."

ටේහ්‍යුන්ග් ඇස් අදහගන්න බැරිව ජන්කුක් දිහා බලද්දි ටේහ්‍යුන්ග් වෙලා අහගෙන හිටියේ එයාගෙ නිල් ඇස් දෙක බෝල කරලා ජින් දිහා වගේම ජන්කුක් දිහාත් බලන ගමන්.

" වට්..  ඒ කියන්නේ... මේ සේරම.. සේරම.. හැමදේම..  රඟපෑමක් විතරයි. "

ටේහ්‍යුන්ග් කියාගත්තේ බොහොම හෙමින්. එයා කියද්දි ඇස් වල කඳුළු පිරුණේ බොහොම බයෙන් හිටියා වගේ.

" ඒ කියන්නේ ඔහේ ජන්කුක්..... කරන්න පුළුවන් හැමදේම කරලා ඉවරවෙලා තමුසෙ... තමුසෙ මහ ජරා මිනිහෙක් ඕයි... තමුසෙ හිතුවේ නැද්ද නිකමටවත් තමුසෙ ගෙ මේ රඟපෑම හෙලි වුණ දවසට මම තමුසෙ එක්ක තරහ වෙයි කියලා..

ජන් කියලා නේද කිව්වේ... ඒ කියන්නේ තමුසෙ මෙච්චර කාලයක්.. මෙච්චර කාලයක් තිස්සේ මාව රැවැට්ටුවා.. මගේ හිතේ ඔහේ ගැන තිබ්බ ආදරේ ඉවරයි කියලා හිතා ගන්නවා. බූරුවා. "

කූල් ඩ්‍රින්ක් එක මේසෙ උඩින් තියපු ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ කනටත් එකක් ගහලා අඬාගෙන උඩ තට්ටුව ට දුවලා ගිහින් දොර ඩාල් ගහලා වහ ගත්ත සද්දෙ ඇහුණේ එක පාරටම.

" එයා එහෙම කරයි කියලා මම හිතුවෙ නෑ ජන් පුතේ. මම කලබල වෙලා හැමදේම කියලා දැම්මද..? "

ජින් ඇහුවෙ තමන් ජන්කුක් ගේ හිතේ තිබ්බ ප්ලෑන කඩා කප්පල් කරලා දැම්මද කියලා හිතා ගන්නවත් බැරිව. ඒත් එයාට එක දෙයක් ස්ථීර වුණා. තවත් නම් ටේහ්‍යුන්ග් ගෙ හිත රිදෙන විදිහෙ රඟපෑම් කරන්න බෑ කියන එක එයා තීරණය කළා.

Baby Bully ✔️Where stories live. Discover now